අක්‍රිය මහලු ජනපති කෙනෙක් එපා; කුමාර වෙල්ගම

නොවැ 11, 2019

    සක්‍රීය දේශපාලනයේ අත්දැකීම් නොමැති මහලු පුද්ගලයෙකු ජනාධිපතිවරයා ලෙස පත් කළහොත්, එය රටේ විනාශයට හේතුවන බව, හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතා පවසයි.

    ඔහු මේ බව කියා සිටියේ, සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් අලුත්ගම දර්ගා නගරයේ ඊයේ පැවති මහජන රැලියකට එක්වෙමින්. 

    එහිදී අදහස් දැක්වූ කුමාර වෙල්ගම මහතා...

    “අපේ යුතුකමක් තමයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ආරක්‍ෂා කිරීම. අන්න ඒ නිසා තමයි චන්ද්‍රිකා නෝනත් එක්ක මේ වේදිකාවට නගින්නේ. අපි කියන්නේ නැහැ කාටද ඡන්දේ දෙන්න ඕනේ කියන එක. ඒක තමුන්නාන්සේලා තීරණය කරලා ඉවරයි. මම ශ්‍රී ලංකා කාරයෙක් හැටියට තමුන්නාන්සේලාගෙන් ඉල්ලා සිටිනවා පොහොට්ටුවට දෙන්න එපා. 43න් තමුන්නාන්සේලා කැමති කෙනෙකුට දෙන්න පුලුවන්. එහෙන් මෙහෙන් කපපු කෙනෙකුට ඡන්දය දෙන්න එපා. තරුණයෙකුට ඡන්දය දෙන්න යැයි“ කුමාර වෙල්ගම මහතා පැවසීය.

    චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය....

    “මෙයා රටේ ආරක්‍ෂාව සපයනවලු? මිනිසුන්ට නිදහස ලබාදෙනවලු? එයාගෙන් කොහොමද ජාතික ආරක්‍ෂාව හම්බවෙන්නේ. ඡන්ද ටිකක් වැඩියෙන් ගන්න පුලුවන් නම් මොකෙක් හරි අවුස්සලා, ගහලා, මරලා කොටලා ඒ වැඩේ කරන්නේ. මිනිසුන්ගේ නිදහස කොහොමද සපයන්නේ. ඒගොල්ලන්ව විවේචනය කරපු ගමන් මහ පාරේ මරලා දානවා“ යැයි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ප්‍රකාශ කළාය.

    Latest News