ගෝඨාභය අමෙරිකානුවෙක්; ජනපති වුවහොත් නෙරපීමට හැක; ජනාධිපති නීතිඥ උපුල් ජයසුරිය (වීඩියෝ)

නොවැ 11, 2019

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා සිය අමෙරිකානු පුරවැසිභාවය අහෝසි කරගැනීම සම්බන්ධයෙන් පිළිගත හැකි කිසිදු සාක්ෂියක් නැතැයි, ජනාධිපති නීතිඥ උපුල් ජයසුරිය මහතා පවසයි.

    ගෝඨාභය රාජපක්‍ෂ මහතා පුරවැසිභාවය අහෝසි කරගැනීම සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලේඛනවල නිවැරද්‍යතාවය සම්බන්ධයෙන් ගැටලු ඇතැයි ද ඔහු අද පැවති මාධ්‍ය සාකච්ජාවේදී අවධාරණය කළේය. නාම යෝජනා බාරදීමේ දී පුරවැසිභාවය අහෝසි කිරිම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට ලේඛන ඉදිරිපත් කළ ද එම ලේඛන බාරදීමක් කර නොමැති බව, උපුල් ජයසුරිය මහතා පෙන්වා දුනි. ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ නීති උපදේශක ලෙස කටයුතු කරන ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා විසින් ඊයේ පවත්වනු ලැබු ප්‍රවෘත්ති සාකච්ජාවේදී පළ කළ කරුණු සම්බන්ධයෙන් පිළිතුරු ලබාදීමේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ජාවකදී උපුල් ජයසුරිය මහතා මෙම කරුණු අද හෙළි කළේය. ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ අමෙරිකානු විදෙස් ගමන් බලපත්‍රය අවලංගු කිරිමේ මුද්‍රාවේ ඇති ව්‍යාජ සලකුණු ද උපුල් ජයසුරිය මහතා මෙම ප්‍රවෘත්ති සාකච්ජාවේදී හෙළි කරනු ලැබිණ. අමෙරිකානු පුරවැසියෙකු ලෙස පෙනී සිටිමින් ජනාධිපතිවරණය ජයග්‍රහණය කළද ජනාධිපතිධූරය අහෝසි කළ හැකි බවත්, ගීතා කුමාරසිංහගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය අහෝසි කළ අයුරින් එය සිදු කළ හැකි බවත්, ඔහු පෙන්වා දුනි.

    Last modified on සදුදා, 11 නොවැම්බර් 2019 20:51

    Latest News