මරණ දඬුවම නියමවූ සිරකරුවන් 02ක් වැලිකඩ වහලයේ විරෝධතාවක් (වීඩියෝ)

නොවැ 11, 2019

    වැලිකඩ බන්ධනාගාරයේ වහලය මත නැගී සිරකරුවන් දෙදෙනෙකු මේ වන විට විරෝධතාවක නිරතව සිටියි.

    බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ්‍ය නිලධාරියෙකු පැවසුවේ මරණීය දණ්ඩනය හිමිවූ සිරකරුවන් දෙදෙනෙකු වැලිකඩ බන්ධනාගාරයේ H සිර මැදිරි සංකීර්ණය පිහිටි ගොඩනැගිල්ලේ වහලය මත නැගී එලෙස විරෝධතාවක නිරත වන බවයි. රෝයල් පාර්ක් මිනිමැරුම් සිද්ධියේ චුදිතයාට ජනාධිපති සමාව ලබා දුන්නේ නම් ඊට පෙර තමන්ටද සමාව හිමිවිය යුතු බව පවසමින් මෙම සිරකරුවන් දෙදෙනා සිය විරෝධතාවය ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

    මරණ දඬුවමට ලක්ව සිටින පුද්ගලයින් පැයක කාලයක් සඳහා ඔවුන් සිටින සිරමැදිරි වලින් පිටතට ගැනීමෙන් පසු මෙලෙස වහලමතට නැග ඇති බවයි බන්ධනාගාර නිලධාරීන් පැවසුවේ.

    Last modified on සදුදා, 11 නොවැම්බර් 2019 20:56

    Latest News