ගණේමුල්ලේ දී අඹුසැමි යුවලක් ඝාතනය කරයි

නොවැ 07, 2019
    ගණේමුල්ල, හොරගොල්ල ප්‍රදේශයේදී පවුල් ආරවුලක් හේතුවෙන් තියුණු ආයුධයකින් පහරදී අඹුසැමි යුවලක් ඝාතනය කර තිබේ.
    ඊයේ(06) රාත්‍රී 10.15ට පමණ මෙම ඝාතනය සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් වේ. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 72 හැවිරිදි පුද්ගලයෙකු 73 හැවිරිදි ඔහුගේ බිරිඳ බව සඳහන්ය. ඝාතනය සිදු කළ සැකකරු ගම්පහ රෝහලට ඇතුලත්ව ප්‍රතිකාර ලබමින් සිටියදී  අත්අඩංගුවට ගෙන ඇත. මෘත ශරිර පොලිස් ආරක්ෂාව යටතේ එම ස්ථානයේම තබා ඇති අතර ගණේමුල්ල පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.
    Last modified on බ්‍රහස්පතින්දා, 07 නොවැම්බර් 2019 10:17

    Latest News