මාලි රාජ්‍යයේ දී දිවිපිදූ හමුදා සාමාජිකයින්ට වන්දි

නොවැ 06, 2019

    මාලි රාජ්‍යයේ සාම සාධක රාජකාරීවල නිරතව සිටිය දී මිය ගිය යුද්ධ හමුදා සාමාජිකයින් දෙදෙනා වෙනුවෙන් වන්දි මුදල් ප්‍රදානය ඊයේ සිදු කෙරිණ.

    එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරී සඳහා මාලි රාජ්‍යය තුළ ස්ථාපනය කර ඇති සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායම, සංග්‍රාමික මුර සංචාරයක නිරතව සිටිය දී බිම් බෝම්බයක් පුපුරා යාමෙන් යුද හමුදා සාමාජිකයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

    ඒ ශ්‍රී ලංකා පාබග රෙජිමේන්තුවට සම්බන්ධව සිටි මේජර් එම් ඩබ්ලිව් ජයවික්‍රම හා යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ සේවය කළ සැරයන් විජේකුමාරයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය ඔවුන් වෙනුවෙන් වන්දි මුදල් ලබා දී ඇති අතර, එම ප්‍රදානයන් ඔවුන්ගේ ළඟම ඥාතීන් වෙත ලබාදීම සිදු කෙරිණ. ඒ යුද හමුදාපති ලුතිතන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් යුද හමුදා මූලස්ථානයේ දී.

     

     

    Last modified on බ්‍රහස්පතින්දා, 07 නොවැම්බර් 2019 13:42

    Latest News