ගර්භණී මාතාවන්ගේ පෝෂණ සලාකය රු.30,000 දක්වා ඉහළට...සජිත්

නොවැ 06, 2019

    මෙරට ගර්භණී මාතාවන්ගේ පෝෂණ සලාකය රුපියල් 30,000 දක්වා ඉහළ නැංවීමට තම රජය යටතේ කටයුතු කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

    ගර්භණී මවගේ සහ නූපන් දරුවාගේ සිට සමාජයේ සෑම ජන කොටසක්ම ආවරණය වන පරිදි රටේ සෑම ප්‍රශ්නයකටම විසඳුම් ලබා දෙන ප්‍රතිපතිත් ප්‍රකාශයක් තමන් රටට ඉදිරිපත් කර ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී වැඩිදුරටත් ප්‍රකාශ කළේය. සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළ කළේ වලපනේ, සනිල්දණ්ඩාහින්පොළ අසළ වැති ජන හමුවකට ඊයේ (05) එක්වෙමින්.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා..

    "මෙරට ගර්භණී මාතාවන්ට ලබා දෙන රුපියල් 20,000ක පෝෂණ සලාකය,රුපියල් 30,000ක් දක්වා වැඩි කිරීමට කටයුතු කරනවා. ප්‍රතිවාදීන් අහනවා මේ තරම් සහන ලබා දෙන්න සල්ලි කොහින්ද කියලා. මෙතෙක් කාලයක් පාලකයින් විසින් නාස්ති කළ ජනතාවගේ සෑම මුදලක්ම මින් ඉදිරියට යෙදවෙන්නේ පාලකයින් විසින් නාස්ති කළ ජනතාවගේ සෑම මුදලක්ම මින් ඉදිරියට යෙදවෙන්නේ රටේ පොදු ජනතාවට සහන ලබා දී ඔබලාගේ යහපත වෙනුවෙන්. 16 වැනිදායින් පසුව දින වකවානු සහිතව අපේ ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙළ දියත් කරනවා.

    ජනතාව ජනාධිපතිවරයෙකු පත්කර ගන්නේ තම ගැටලුවලට, ප්‍රශ්නවලට විසඳුම් ලබා ගැනීම සඳහා. ජනතා අපේක්ෂාවන්, බලාපොරොත්තු මුදුන්පත් කර ගැනීම සඳහා ජනතාව ජනාධිපතිවරයෙකු පත් කර ගන්නේ. ඒ ජනතා අපේක්ෂාවන් සියල්ල මම ඉටු කරනවා. මම ඇමතිවරයෙකු ලෙස කටයුතු කළ කාලයේ මට හිමිවන වැටුප, නිලනිවාස,නිලවාහන සහ මට ලැබෙන අනෙකුත් දීමනා, වරදාන, වරප්‍රසාද සියල්ල මම ගත්තේ නැහැ. ඒ සියල්ල මේ රටේ ජනතාවගේ යහපත වෙනුවෙන් ලබා දුන්නා. ඉදිරියේ දී ජනාධිපති වශයෙන් මට හිමිවන සියලුම ප්‍රතිලාභ යොදවන්නේ ඔබලාට සහන ලබා දී ඔබලාගේ යහප වෙනුවෙන් බව ද පැවසීය.."

    Last modified on බදාදා, 06 නොවැම්බර් 2019 10:45

    Latest News