කුඩාඔය රිය අනතුරක්; ස්වාමීන්වහන්සේලා දෙනමක් ඇතුළු 30ක් රෝහලේ

නොවැ 05, 2019

    වැල්ලවාය - තණමල්විල මාර්ගයේ කුඩාඔය අලිවංගුවේ දී පෞද්ගලික බස් රථයක් සහ ටිපර් රථයක් ගැටීමෙන් ස්වාමීන් වහන්සේලා දෙනමක් ඇතුළු 30ක් තුවාල ලබා රෝහලගත කර තිබේ.

    මාතර සිට මොනරාගල දක්වා ගමන් ගත් පෞද්ගලික බස් රථයක් සහ වැල්ලවාය සිට තණමල්විල දෙසට ධාවනය වූ ටිපර් රථයක් එකිනෙක ගැටීමෙනුයි, අනතුර සිදුව ඇත්තේ. අනතුරින් තුවාල ලබා ඇත්තේ බස් රථයේ ගමන් ගත් විසි නමදෙනෙක් සහ ටිපර් රථයේ රියදුරු බව තණමල්විල පොලිසිය පවසයි.

    තුවාලකරුවන් තණමල්විල මූලික රෝහලට ඇතුළුත් කර ඇති අතර ඉන් හත් දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සදහා ඇඹිලිපිටිය මහා රෝහලට මාරු කර යවා තිබේ. අනතුර සම්බන්ධයෙන් විමර්ශන තණමල්විල මූලස්ථාන පොලිසිය විසින් සිදු කරයි.

    20191105 161925

    20191105 161949

    20191105 162025

    20191105 162050

    20191105 161913

    Last modified on අඟහරුවාදා, 05 නොවැම්බර් 2019 16:43

    Latest News