කාන්තාවන්ගේ සනීපාරක්ෂාව ගැන ගෝඨාභයගේ දැක්ම කණගාටුදායකයි - පා.ම. තුසිතා විජේමාන්න

නොවැ 05, 2019

    යහපාලන රජය බලයට පැමිණිමෙන් පසු කාන්තාවන් වෙනුවෙන් සුවිශේෂි තීන්දු රැසක් ක්‍රියාත්මක කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය තුසිතා විජේමාන්න මහත්මිය පවසන්නීය.

    නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ද කාන්තාවන්ට සුවිශේෂ වූ කරුණු ගණනාවක් ඇතුලත් බව ඇය කියා සිටියාය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය තුසිතා විජේමාන්න.....

    කාන්තාවන් ගැන විශේෂ අවධානයක් යොමුකර තිබෙනවා. සෑම ඝර්භණී කාන්තාවන්ට ලබාදෙන පෝෂණ මල්ලක් ලබාදුන්නා. ඒය මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් රුපියල් 20,000 සිට 30,000 දක්වා ඉහළ දැමෙනවා. ස්ත්‍රී ගෘහ මුලික පවුල් නාගා සිටුවීම සදහා අවධානය යොමු කරමින් ව්‍යාපෘති ආරම්භ කර තිබෙනවා.

    මන්දපෝෂණය දුරු කරලීම සඳහා ජනාධිපති කර්ය සාධන බලකායක් පිහිටුවීම. රාජ්‍ය ආයතනවල දිවා සුරකුම් මධ්‍යස්ථාන පිහිටුවීමට කටයුතු කිරීම. 2019 අයවැයෙන් දක්වා ඇති පරිදි මතෘ නිවාඩු සමයේ ස්ත්‍රීන්ට ස්ථාවර වැටුප් ලබාදීමට පුද්ගලික අංශය දිරි ගන්වන්නෙමු. ලාංකීය සමාජයේ කාන්තාවන්ගේ සෞඛ්‍ය සමග සෘජුව සම්බන්ධවන කාරනාවක් සම්බන්දයෙන් නැගෙන අවලාද වලට බියකින් තොරව සමාජයේ ප්‍රශ්නයක් සම්බන්ධයෙන් සහනයක් වශයෙන් කාන්තාවන්ට සනීපාරක්ෂක තුවා, ලබාදීම තම රජයක් යටතේ සිදුවන බවත් ඇය කියා සිටියාය.

    Last modified on අඟහරුවාදා, 05 නොවැම්බර් 2019 15:23

    Latest News