දීර්ඝ සති අන්ත නිවාඩුවට විශේෂ දුම්රිය 4ක්

නොවැ 05, 2019

    දීර්ඝ සති අන්ත නිවාඩුව වෙනුවෙන් මගී ජනතාවගේ පහසුව සඳහා විශේෂ දුම්රිය 4 ක් ධාවනයට එක්කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 

    දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ලබන 8, 9 සහ 11 යන දිනයන්හි දී එම දුම්රියයන් ධාවනයට එක්කර ඇති බවයි. එම දිනවලදී කොළඹ කොටුවෙන් රාත්‍රී 7.35 ට පිටත් වන දුම්රිය අලුයම 4.33 ට බදුල්ලට ළඟාවීමට නියමිතයි. එසේම රාත්‍රී 8.00 ට බදුල්ලෙන් ගමන් ආරම්භ කරන දුම්රිය අලුයම 5.26 ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ළඟා වීමට නියමිතව තිබේ.

     

     

    Last modified on අඟහරුවාදා, 05 නොවැම්බර් 2019 14:45

    Latest News