මට විතරක් නොවේ මහින්දටත් හූ කිව්වා..... ජරා දේශපාලනය: පා.ම. ශාන්ත බණ්ඩාර

නොවැ 03, 2019

    පසුගිය සිකුරාදා (01) අලව්වේදී පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැළියට මත්පැන් පොවා එවු පොහොට්ටු අනුගාමිකයින් කණ්ඩායම තමන්ට පමණක් නොව මහින්ද රාජපක්ෂ මහතාට ද හූ කියූ බවත් අවසානයේ කතාව අතරමග නැවැත්වීමට ඒ මහතාට ද සිදුවුණු බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා පවසයි.

    "ප්‍රතිපත්ති ගරුක දේශපාලනයට හරි ඉඩ අඩුයි. ඔයාලා දැක්කා ඊයේ රැස්වීමක් තිබ්බා අලව්ව නගරයේ. 2500ක් විතර ඇවිල්ලා හිටියා, ඔක්කොම අපේ ආසනයේ අපිත් එක්ක දේශපාලනය කරන ඉතාම වැදගත් අය. එතෙන්ට අරක්කු බොන්න දීලා ගෙනල්ලා දාලා තිබ්බා 20ක විතර කණ්ඩායමක්.

    මේ 20 කණ්ඩායම පටන් ගත්තු වෙලාවෙ ඉඳන් අවසාන වෙනකල්ම කෑගහනවා. මගේ කතාව වෙලාවෙත් ඒ අය කෑගැහුවා. සාමාන්‍ය ජනතාව හූ කියනවා නම් අපි කලබල වෙන්න ඕනෙ මජනයාගෙ විරෝධයක් කියලා. ඒක කණ්ඩායමක් දාලා හූ කියවනවා. ඊළඟට පාර්ලිමේන්තු එන්න බලාගෙන ඉන්න අය, ඊළඟට පළාත් සභා යන්න බලාගෙන ඉන්න අය, අපට බය වෙච්චි අය ඒ ජරා වැඩේ කරනවා. ජරා දේශපාලනය. අන්තිමට මහින්ද රාජපක්ෂ මැතිතුමාටත් ඒ විදියටම ඒ කට්ටිය ඒක කියාන යන්න ගියා. ඉතිං එතුමාත් කතාව මගින් නවත්තලා යන්නං කියලා ගියා, සහාය ලබාදෙන්න කියලා. මේ මැතිවරණයට හැම ඡන්දයක්ම ඕනෙ. ඒක හිතන්නෙ නැති කණ්ඩායමක් ඉන්නවා. ඒක ජාතික නායකයින්ට තේරිලා තියෙනවා. මේ ප්‍රාදේශීය මට්ටමේ ඉන්න අය, පළාත් සභාවේ හිටපු අය ලොකූවට මවාගෙන තියෙනවා පහුගිය පළාත් පාලන මැතිවරණයේදී හෝල් සේල් පොහොට්ටුවට ගැහුවා, ඒවගෙ ඡන්දෙ දෙයි ජාතික මැතිවරණයකදිත් කියලා. අපි ඒ අයට කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආශිර්වාදය හරියට ලබාගන්න, ඒක ගෞරවාන්විත විදියට ලබාගන්න" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

    ශාන්ත බණ්ඩාර මහතා මේ බව පැවසුවේ ඊයේ (02) හෙට්ටිපොල ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.

     

     

     

     

     

    Latest News