කේරළ ගංජා 122kg ක් සමග සැකකරුවන් 2ක් යාපනයේ දී අත්අඩංගුවට

නොවැ 02, 2019

    කේරළ ගංජා 122kg ක් සමග සැකකරුවන් 2ක් යාපනය වඩ්ඩුක්කෝඩෙ ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

    මත්ද්‍රව්‍ය කාර්යාංශයේ යාපනය ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සැක කටයුතු ලොරියක් අද(02) අළුයම 4ට පමණ වඩුක්කෝඩෙ කාට්ටුපුලම් පාලම අසළ දී පරීක්ෂා කර ඇත. එම ලොරි රථයේ තිබී මෙම කේරළ ගංජා තොගය සමග සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 26ක් හා 19ක් වයසේ පසුවන කීරමලේ හා නච්චිකුඩා ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය සඳහන් කරයි.

    සැකකරුවන් සහ භාණ්ඩ වඩුක්කෝඩෙ පොලිසිය භාරයට ගෙන ඇති අතර ඔවුන් හෙට(03) දින මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. වඩුක්කෝඩෙ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

    Latest News