තම පියා වතු ජනතාවට පුරවැසිභාවය දුන් ලෙසින් ශක්තිමත් ජිවිතයක් ලබා දෙනවා - ඇමති සජිත්

ඔක් 31, 2019

    එළඹෙන 16 වැනිදා මෙරට ජනතාව තමන්ව ජනාධිපතිවරයා ලෙස පත්කර ගන්නා විට වතු කම්කරු ප්‍රජාවගේ සංවර්ධිත යුගය තමන් අනිවාර්යයෙන්ම බිහිකරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි.

    වතු කම්කරුවන්ගේ දෛනික දීමනාව රුපියල් 1,500/= ක් දක්වා වැඩි කිරීමට කටයුතු කර ඔවුන්ගේ ජන ජිවිතය උසස් මට්ටමකට ගෙන ඒමට පියවර ගන්නා බවත් සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය. සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළ කළේ අවිස්සාවේල්ල, පුවක්පිටිය, ප්‍රගතිපුර ක්‍රීඩාංගනයේ පැවති වතු කම්කරු ප්‍රජාවගේ හමුවකට අද (31) එක්වෙමිණි. දෙමළ ප්‍රගතිශිලි සංධානය විසින් මෙම වතු කම්කරු ප්‍රජාවගේ හමුව සංවිධානය කරන ලද අතර මේ සඳහා මනෝ ගනේෂන් සහ වී. රාධ ක්‍රිෂ්ණන් යන ඇමතිවරුන් ද සහභාගි වූහ.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා මෙසේ ද පැවසීය. “මෙරට වතු කම්කරු ප්‍රජාව රටට විශාල ශක්තියක්. වතු කම්කරු ජනතාව නිසා රටට විශාල විදේශ විනිමයක් ලැබෙනවා. නමුත් වතු කම්කරු ප්‍රජාව ගත කරන්නේ ඉතාම දුෂ්කර ජිවිතයක්. ඔවුන්ගේ ජන ජිවිතය උසස් මට්ටමකට ගෙන ඒමට තමන් අනාවාර්යයෙන්ම කටයුතු කරනවා. එදා දිවංගත මගේ පියාණන් ලක්‍ෂ 12කටආසන්න වූ මෙරට වතු ප්‍රජාව වෙත පුරවැසිභාවය ලබා දී ඔබේ පුරවැසි අයිතිය රැක ගන්නට කටයුතු කළා. මාගේ පියාණන් ඔබට පුරවැසිභාවය ලබා දුන්නාසේම, යටිතල පහසුකම්වලින් සම්පුර්ණ වූ සංවර්ධිත, ශක්තිමත් ජන ජිවිතයක් සජිත් ප්‍රේමදාස ඔබ සියලු දෙනාට ලබා දෙන්නට කටයුතු කරනවා“ යනුවෙන් ද පැවසීය.

    Last modified on බ්‍රහස්පතින්දා, 31 ඔක්තෝබර් 2019 19:59

    Latest News