ඕන නම් අයියත් අඩගහගෙන එන්න..ඒත් මදිනම් පවුලේ ඔක්කොම අඩගහගෙන එන්න..මම තනියම ලෑස්තියි..සජිත් (වීඩියෝ)

ඔක් 26, 2019
  • රට ගොඩනගන වැඩපිළිවෙල පිළිබඳව සජීවී විවාදයකට පැමිණනෙ ලෙස ප්‍රතිවාදී අපේක්ෂකයාට ආරාධනා කළදල ඔහු එම අභියෝගය භාර නොගෙන මගහරිමින් සිටින බව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

    රට ගොඩනගන වැඩපිළිවෙල පිළිබඳව ඔහුට තනිවම විවාද කිරීමට ශක්තියක් නොමැති නම් මුළු පවුළම සමග පැමිණෙන ලෙසත් තමන් තනිවම මුහුණට මුහුණ විවාද කිරීමට සූදානම් බවත් ඔහු වැඩිදුරටක් ප්‍රකාශ කරයි. ඔහු මෙම අදහස් පළකළේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වලස්මුල්ල බස්නැවතුම්පල භූමියේ ඊයේ 25 රාත්‍රී පැවති ජන හමුවට එක්වෙමින්.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා...

    දියුණු රටවල ක්‍රියාත්මක වන අයුරින් නිර්පාක්ෂික වේදිකාවක සිට රට ගොඩනගන සැළසුම් පිළිබදව විවාද කිරීම මඟින් මහජනතාවට අපේක්ෂකයින්ගේ ප්‍රතිපත්ති පිළිබඳව අධ්‍යයනය කර නිවැරදි විවෘත තීන්දු තීරණ වලට එළඹීමට අවස්ථාව හිමිවෙනවා.

    නමුත් ප්‍රතිවාදීයා තම අභියෝගය භාර නොගන්නේ භිය නිසාද? නැතිනම් තමන්ට මුහුණ දිය නොහැකි නිසාද? තමන් නැවතත් අභියෝග කරනවා මුළු පවුලම සමග විවාද කිරීමට සූදානම් කියලා ඇතැම් මාධ්‍ය විසින් අසාධාරණ ලෙස බොරු නිර්මාණය කරල වචන කනපිට හරවමින් ජනතා මනස විකෘති කිරීමේ මහා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා.

    ඔවුන් එසේ කටයුතු කරන්නේ ප්‍රතිවාදී අපේක්ෂකයා බලයට ගෙනවිත් තම පෞද්ගලික වාසි ලබා ගැනීම සඳහායි. ප්‍රතිවාදී අපේක්ෂකයා කුඩා දරුවෙකුගේ අතින් අල්ලාගෙන සිටින ඡයාරූපයක් පුවත්පතක පළ වී තිබෙනවා මම දුටුවා. නමුත් හතලින් හතර ලක්ෂයකට අධික පාසල් දරු දැරියන්ට තම පියාණන් නොමිලේ ලබා දුන් දිවා ආහාරය ඔවුන් විසින් නැති කළා. ක්‍රියාවෙන් මෙලෙස කටයුතු කරන පුද්ගලයින් අද බලය ලබා ගැනීම සඳහා දරුවන්ගේ අත් අල්ලාගෙන සිටින ඡායාරූප රටට පෙන්වමින් ජනතාව රැවටීටම කටයුතු කරනවා.

    බලයේ සිටි පසුගිය රජයන් මේ රටේ සම්පත් පාවිච්චිකර රට ගොඩනගන්න ගත් ක්‍රියාමාර්ග මොනවාද? රටේ ආහාර සුරක්ෂිතතාව අපි තහවුරු කරනවා. නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනගමින් අපනයන වැඩිකර ස්වයංපෝෂිත රටක් නිර්මාණය කිරීමේ ඓතිහාසික වැඩපිළිවෙලක් අපි ආරම්භ කරනවා” යනුවෙන් ද පැවසීය.

    Last modified on සෙනසුරාදා, 26 ඔක්තෝබර් 2019 14:08

    Latest News