කඹුරුපිටිය ප්‍රා:සභා ශ්‍රීලනිප නියෝජිතයෝ සජිත්ගේ සහායට

ඔක් 26, 2019

    කඹුරුපිටිය ප්‍රාදේශීය සභාවේ විපක්ෂයේ ජනතා නියෝජිතයන් 08 දෙනෙක් සජිත් ප්‍රේමදාස මහතා සමඟ ඊයේ (25) දින කඹුරුපිටිය නගරයේ පැවැති ජනහමුවේදී අත්වැල් බැඳගත්හ.

    ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කඹුරුපිටිය ප්‍රාදේශීය සභාව නියෝජනය කරන මන්ත්‍රී උදිත දසුන්, බන්දුතිලක, එස්. සඳරුවන්, ශානක ජනප්‍රිය, සරත් විදානපතිරණ, ආර්. ඒ. සොමිපාල, ඒ. සිරිසේන, ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රී පී. ඩී. ජිනදාස යන පිරිස සජිත් ප්‍රේමදාස මහතා සමඟ එක්වූහ.

    Last modified on සෙනසුරාදා, 26 ඔක්තෝබර් 2019 10:57

    Latest News