70 පැනවු මහළු අයට රට ගෙනියන්න බෑ;තරුණ නායකයෙක් ඕන...වෙල්ගම(වීඩියෝ)

ඔක් 26, 2019
  • මේ රට ගොඩගන්න නම් තරුණ හා පරම්පරාව දේශපාලනයට රැගෙනආ යුතු බව කුමාර වෙල්ගම මහතා පවසයි. වයස 70 ඉක්මවා ගිය මහළු පිරිසට රට පාලනය කිරීමට නොහැකි බවයි මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

    මාධ්‍යවෙත අදහස් දැක්වූ කුමාර වෙල්ගම මහතා...

    "මේ රට ගොඩනගන්න නම් තරුණ පරම්පරාව දේශපාලනයට ගේනන ඕන.පළවෙනි එක ඒක. ඒවගේම ආර්ථික විද්‍යාව ගැන, එකවුන්ටන්ලා,ඩොක්ටර්ස්ලා වගේ හොද තරුණ පිරිසක් එක්ක ඕන මේ රට ගොඩගන්න. මේ මහළු අයට බෑ. 70 පැනපු අයනෙ මේ රට පාලනය කරන්නේ. 70 සිට 85 දක්වා වයස අය මේ රට පාලනය කරලා මේ රටට උන සෙතේ මොකක්ද? මේ ණය ටික ගෙවන්න, විශාල ට්‍රිලියන ගණන් ණය තියනවා. මේ ණය ගෙවන්න බුද්ධිමත් පිරිසක් මේ රටට එන්න ඕන. ඇයි අවුරු 60න් යවන්නේ. 60න් පස්සේ ක්‍රියාකාරීත්වය අඩුයි. මනස හරියට වැඩ කරන්නෑ. ඒක නිසානෙ 60න් අරින්නේ. අපේ අවුරුදු 85 වෙනකන් ඉන්නවනේ. 75-85 මේගොල්ලන්ට පුළුවන් ද මේ රට ගෙනියන්න."

    Last modified on සෙනසුරාදා, 26 ඔක්තෝබර් 2019 10:50

    Latest News