ජවසම්පන්න දේශයකට නව තාක්ෂණ විප්ලවයකින් ලෝක වෙළඳපොළ අභියෝග ජය ගන්නවා

ඔක් 26, 2019

    නව තාක්ෂණ විප්ලවය හරහා ලෝක වෙළඳපොළ තරණය කර ජවසම්පන්න, ශක්තිමත් මාතෘ භූමියක් නිර්මාණය කිරීමේ අභියෝගය තමන් භාර ගන්නා බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි.

    සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළකළේ අද (25) මුලටියන මහජන ක්‍රීඩාංගණයේ පැවති ජන හමුවට එක්වෙමිණි.

    වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා.......

    “ඉන්දියාවේ සියලු ප්‍රාන්ත දියුණු වුණේ නව තාක්ෂණ විපලවයක් තුළින්. අපේ රටේත් නව තාක්ෂණ විප්ලවයක් ආරම්භ කර රට ශීඝ්‍ර සංවර්ධනයක් කරා ගෙන යනවා. තරුණ පරපුරේ රැකියා ප්‍රශ්නය විසඳීමට මෙරට උප දිසාපති කොට්ඨාශ මට්ටමින් කර්මාන්තපුර ආරම්භ කරනවා. හක්මන මැතිවරණ කොට්ඨාසයේ පස්ගොඩ, මුලටියන සහ හක්මන යන ප්‍රදේශවල කර්මාන්තපුර 3ක්ම අප ලබා දෙනවා. දැනුම කේන්ද්‍ර කර ගත් ආර්ථිකයක් රට තුළ අප නිර්මාණය කරනවා. ආර්ථිකයේ ප්‍රතිලාභ මහ පොළොවේ පය ගසා සිටින සියලුම ජනතාව වෙත ලබා දෙනවා. සංවර්ධනයේ සෞභාග්‍යය රටේ ජීවත් වන සියලු ජන කොටස්වලට ලබා දීමට තමන් කටයුතු කරනවා” යනුවෙන්ද පැවසීය.

    මෙම අවස්ථාවට මංගල සමරවීර, සාගල රත්නායක සහ බුද්ධික පතිරණ යන මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

    Latest News