දුෂිතයින්,මංකොල්ලකරුවන් හා රාජ්‍ය මුදල් අවභාවිතා නොකරන්නන් සමග නව ආණ්ඩුවකට මම සූදානම්..සජිත්

ඔක් 24, 2019

    හොරු නැති,මංකොල්ලකාරයින් නොමැති, දූෂිතයින් නැති, රාජ්‍ය අරමුදල් අවභාවිත නොකරන ආණ්ඩුවක් තමන් බිහි කර තරුණ කණ්ඩායම් සමග රට ඉදිරියට ගෙන යෑමට නව ගමනක් ආරම්භ කරන බව සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ දංකොටුව,ජයකොඩි ක්‍රීඩාංගනයේ පැවති ජන හමුවට ඊයේ (23) එක්වෙමින්.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා..

    "මගේ ගමන නව ගමනක්. දෑත්වල ජරාවගාගත්තු ඇත්තන්ට තම ගමන තුළ කිසිම ඉඩක් නැහැ. මහජන දේපොළ සොරාකාපු දූෂිත පුද්ගලයින්ට මගේ රජය තුල පුටුවක් වත් ලැබෙන්නේ නැහැ. ජනතාව වෙනුවෙන් ඇප කැප වුණු අලුත් ගමනට උපරිම විශ්වාසය හා ශක්තිය ලබා දෙන්න.

    සාම්ප්‍රදායික උළු,ගඩොල්,මැටි කර්මාන්තය ආරක්ෂාකර තවදුරටත් ශක්තිමත් කිරීමට කටයුතු කරනවා.
    වෙන්නප්පුව ප්‍රදේශයේ ජනතාව මුහුණ දෙන පානීය ජල ගැටලුවට ස්ථීර විසඳුම් ලබාදීම අංක එකට සිදු කරනවා. කර්මාන්ත පුරවර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ට සහන ලබාදීම, ගොවි ජනතාව ශක්තිමත් කිරීම, ධීවර ප්‍රජාව ශක්තිමත් කිරීමට කටයුතු කරනවා.

    වෙල්ලංකාඩ ධීවර වරාය නව පහසුකම් සහිත වරායක් ලෙස සංවර්දනය කර සෑම පුරවැසියෙකුටම ප්‍රතිලාභ ලබාදීමට කටයුතු කරනවා."

    Last modified on බ්‍රහස්පතින්දා, 24 ඔක්තෝබර් 2019 07:58

    Latest News