ගාලු කථිකාව 10 වන අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය උත්කර්ෂවත් අයුරින් ඇරඹෙයි (වීඩියෝ)

ඔක් 21, 2019

    ආරක්ෂක අමාත්‍යාංශයේ මග පෙන්වීම යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 10වැනි වසරටත් සංවිධානය කරනු ලබන 2019 ගාලු කථිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය අද (21) අරම්භ විය.

    ඒ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මැතිතුමාගේ ප්‍රදානත්වයෙන් කොළඹ, ගාලු මුවදොර හෝටලයේදී ය. මෙවර සම්මන්ත්‍රණය සඳහා ඉන්දියාව, චිනය, ජපානය, එක්සත් රාජධානිය සහ ඇමරිකා එක්සත් ජනපදය ඇතුළුව රටවල් 55 ක සහ ජාත්‍යන්තර සංවිධාන 12 ක මෙන්ම ආරක්ෂක කේෂත්‍රයේ නිපැයුම් සම්බන්ධ ආයතන 03 ක නියෝජිතයෝ පිරිසක් මෙම සම්මන්ත්‍රණය සඳහා සහභාගිවී සිටිති.

    GD00.jpg

    ශ්‍රී ලංකා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා විසින් සමුළුවේ පිළිගැනීමේ කථාව සිදු කළ අතර, ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා එහි ප්‍රධාන දේශනය සිදු කරන ලදී. මෙම සමුළුවේදී “නව චින්තනයකින් යුතුව අන්තර් සමුද්‍රීය තර්ජනයන් හට පිළියම් යෙදීම සඳහා සුඳානම් විම: දශකයක සමාලෝචනය” යන තේමාව යටතේ විදෙස් නාවික හමුදා නිලධාරින් සහ ජාත්‍යන්තර සංවිධාන නියෝජිතයින් සිය දේශන ඉදිරිපත් කිරීමට නියමිතය.

    GD01.jpg

    ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් මත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ප්‍රථම වරට 2010 වර්ෂයේදි ගාලු කතිකාව ජාත්‍යන්තර සාගරික සම්මන්ත්‍රණය ගාල්ලේදී පවත්වන ලදී. මෙහි ප්‍රධානතම අරමුණ වුයේ දෙස් විදෙස් පිළිගැනිමකට ලක් වූ පාර්ශ්වකරුවන් හට සාගරික ආරක්ෂාව පිළිබඳ සාකච්ජා කළ හැකි පොදු වේදිකාවක් නිර්මාණය කිරීමයි.

    GD02.jpg

    පසුගිය දශකය තුළ ඉන්දියන් සාගරය ආශ්‍රිතව අවි ආයුධ ජාවාරම, මුහුදු කොල්ලකෑම්, මිනිස් ජාවාරම්, සාගරික ත්‍රස්ථවාදය සහ මත්ද්‍රව්‍ය ජාවාරම යනාදී සාගරික ආරක්ෂාවට තර්ජනයක් වන ක්‍රියාකාරකම් රාශියක් වර්ධනය වී ඇති බව නිරීක්ෂණය විය. එමඟින් සාගරික ක්‍රියාකාරකම්වලට විශාල බලපැමක් එල්ල වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව සාගරික ත්‍රස්ථවාදය පිටුදැකීම සහ ඉන්දියානු සාගර කලාපයේ සාගරික ක්‍රියාකාරකම්වල ආරක්ෂාව තහවුරු කිරීම උදෙසා විශාල කාර්යයභාරයක් ඉටු කරන ලදි.

    මෙවැනි පසුබිමක් යටතේ සාගරික ක්ෂේත්‍රයේ උද්ගත වෙමින් පවතින පොදු අභියෝගයන්ට සාර්ථකව මුහුණ දීම සඳහා ශක්තිමත් කලාපීය සහයෝගීතාවයක් සහ ගෝලීය ක්‍රමෝපායක් නිර්මාණය කර ගැනීම අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මෙම සම්මන්ත්‍රණය වාර්ෂිකව සංවිධානය කරනු ලබයි.

    GD03.jpg

    මෙම අන්තර්ජාතික සම්මන්ත්‍රණයේ පළමු දින සැසිය සඳහා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය, රුවන් විජයවර්ධන මැතිතුමා, ජනාධිපති ලේකම්, උදය රංජිත් සෙනෙවිරත්න, තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන්, හිටපු නාවික හමුදාධිපති, අද්මිරාල් ඔෆ් ද ෆිල්ට් වසන්ත කරන්නාගොඩ, ආරක්ෂක ලේකම්, ජෙනරාල් (විශ්‍රාමික) ශාන්ත කොට්ටේගොඩ, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ගුවන් හමුදාධිපති එයාර් මාෂල් සුමංගල ඩයස් ඇතුළු රජයේ සහ ත්‍රිවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විශාල පිරිසක් ද සහභාගී වී සිටියහ.

    Last modified on සදුදා, 21 ඔක්තෝබර් 2019 19:54

    Latest News