ගලේවෙල ගම්මානයට අලි කරදරයක්

ඔක් 20, 2019

    ගලේවෙල,දඩුබැදිරුප්ප ගම්මානයට කඩා වැඳුණු වන අලියෙකු භව බෝග රැසක් විනාශ කර ඇති බවට ගොවීන් චෝදනා කරයි.

    වන අලියා රනව රක්ෂිතයේ සිට පැමිණෙන්ට ඇති බවයි, විශ්වාස කෙරෙන්නේ. මෙම වන අලියා ගම්මානය පුරා සැරි සරමින් කෙසෙල්, වට්ටක්කා ඇතුලු බෝග රැසක් ආහාරයට ගෙන පාගා විනාශ කර දමා තිබේ. මීට අමතරව පැළ පොල්ගම් රැසක් ද විනාශ කර ඇති බවයි, ඔවුන් පවසන්නේ.

    සවස 4.00 පමණ වන විට මෙම අලියා ගම්වදින බවත්, අලියා නිවෙස් අසළ සැරිසැරීම නිසා ඔවුන්ගේ ජීවිතවලට දැඩි තර්ජනයක් එල්ල වී ඇති බව ද ඔවුන් කියා සිටියි. වගකිව යුතු අංශ මෙයට මැදිහත් වී වන අලියා රක්ෂිතයකට මුදා හරින ලෙස ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.

     

     

    Last modified on ඉරිදා, 20 ඔක්තෝබර් 2019 11:52

    Latest News