වෙල්ගමගේ නිවසට රාත්‍රියේ කිසියම් පිරිසක් රහසේම ඇතුල්වෙලා.. (වීඩියෝ)

ඔක් 20, 2019

    කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාගේ අලුත්ගම පිහිටි නිවසට කිසියම් කණ්ඩායමක් හොර රහසේ ඇතුලු වී නිවස පරීක්ෂා කිරීමක් සිදුකර තිබෙන බව අප වාර්තාකරු පවසයි.

    මෙය සිදුව ඇත්තේ ඊයේ රාත්‍රී. එම අවස්ථාවේ කුමාර වෙල්ගම මහතා නිවසේ නොසිටි බවයි වාර්තාකරු පවසන්නේ. මීට පෙර අවස්ථා දෙකක දී ද කුමාර වෙල්ගම මහතාගේ නිවසට කිසියම් කණ්ඩායමක් පැමිණ ඇති අතර එම අවස්ථාවේ පැමිණි පිරිසගෙන් බේරී යාමට කුමාර වෙල්ගම මහතා කටයුතු කර තිබේ. 

    මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළ කරන ලෙසට ඉල්ලීම්කර ඇති බව කුමාර වෙල්ගම මහතා පසුගියදා ප්‍රවෘත්ති සාක්චජාවක් පවත්වමින් කිය සිටියේය. ඒ සඳහා විවිධ කණ්ඩායම් බලපෑම් සිදුකරමින් උපවාස හා වෙනත් ක්‍රියාමාර්ග අනුගමනය කරන බව ද ඔහු පැවසුවේය. කෙසේ වෙතත්, කුමාර වෙල්ගම මහතා තරයේ අවධාරණය කර සිටින්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හෝ ඔවුන්ගේ ජනාධිපති අපේක්ෂකට මෙවර ජනාධිපතිනරණයේදී තමන්ගේ සහය පළ නොකරන බවයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැර නොගයන බවත් එය ශක්තිමත්ව ගොඩනැගීමට පෙරමුණ ගන්නා බව ඔහු වැඩිදුරටත් අවධාරනය කරයි.

     

    Last modified on ඉරිදා, 20 ඔක්තෝබර් 2019 20:23

    Latest News