මන්දිර හා ප්‍රභූ දේශපාලනය මම ප්‍රතික්ෂේප කරනවා....සජිත්

ඔක් 20, 2019

    ප්‍රතිවාදී අපේක්ෂකයා සහ ඔහුගේ පවුල් පරපුරට ඇත්තේ ධන බලය හා පවුල් බලය පමණක් බවත්, මෙරට සෑම පවුලකම,සෑම පුරවැසියෙකුගේම,සෑම පොඩි මිනිසාගේම බලය තිබෙන්නේ තමන්ට බවත්, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි.

    ඔහු මේ අදහස් පළ කළේ මාතලේ,රත්තොට මහජන ක්‍රීඩාංගණයේ දී පැවති ජන රැළියට ඊයේ (19) එක්වෙමින්.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා...

    ප්‍රතිවාදී අපේකෂකයා සහ ඔහුගේ පවුල් පරපුර ආසාවෙන් බලන් ඉන්නවා නැවත මන්දිර දේශපාලනයේ නිරත වෙමින් රටේ සම්පත් අවභාවිතා කරන ජනතා දේපල සූරා කන යුගය නිර්මාණය කරන්න.
    මෙරට පුරවැසිභාවය නොමැති වතු ප්‍රජාව ලක්ෂ 12කට වැඩි පිරිසකට රණසිංහ ප්‍රේමදාස තම පියාණන් පුරවැසිභාවය ලබා දුන්නා වගේ රණසිංහ ප්‍රේමදාසයේ පුතා ලෙස වතු ප්‍රජාවට හිමි වන සොච්චම් වැටුප වැඩි කර, පවුලට ජීවත්වීමට අවශ්‍ය හොඳ ආදායම් මාර්ග නිර්මාණය කර ශක්තිමත් ජන ජීවිතයක් උදා කරනවා. ජනාධිපති විශේෂ කාර්ය සාධක බලකායක් පිහිටුවා ජනාධිපතිවරයාගේ පුද්ගල අධීක්ෂණය යටතේ වතු කම්කරු ජනතාව වෙනුවෙන් විශේෂ සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා.
    සුළු අපනයන භෝග වගාවන්ට අඩු මිලක් හිමිවීම හා විවිධ ගැටලු නිසා අසරණ වෙන් සිටිනවා. 16 වැනිදා ජනතාව තමන්ගේ ඉහළම තනතුරට පත් කරන විට ගම්මිරිස් ඇතුළු සුළු අපනයන භෝග වලට සාධාරණ සහතික මිලක් ලබාදී ගම් මිරිස් ප්‍රතිඅපනයන ජාවාරම අනිවාර්යෙන්ම නතර කරනවා.

    මන්දිර දේශපාලනය, ප්‍රභූ දේශපාලනය මම ප්‍රතික්ෂේප කරනවා. ජන වරමෙන් 16 වැනිදා තමන්ව ජනාධිපතිධුරයට පත්කළ පසුව එදාටත් අද මෙන් පොඩි මිනිසා ළඟට පැමිණ, ජනතාව ශක්තිමත් කර මාතෘ භූමිය දිනවන ස්වර්ණමය යුගය නිර්මාණය කරනවා. යනුවෙන් ද පැවසීය.

    මෙම ජන හමුවට රංජිත් අලුවිහාරේ, වසන්ත අලුවිහාරේ, වඩුවෙල් සුරේෂ් යන මැති ඇමතිවරු ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

    Last modified on ඉරිදා, 20 ඔක්තෝබර් 2019 08:54

    Latest News