ගම හදා රට හදන වැඩපිළිවෙළ ඉදිරියට; මන්දිර දේශපාලනය ඉවතට - අමාත්‍ය සජිත් (වීඩියෝ)

ඔක් 19, 2019

    16 වැනිදා හිමිවන අති විශිෂ්ඨ ජයග්‍රහණයෙන් පසුව තම පියා ආරම්භ කළ ගම හදා රට හදන වැඩපිළිවෙලේ ඊළග මහා සංග්‍රාමය අරම්භ කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි.

    සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළකළේ ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල නව නගරයේ පැවති ජල රැළියට (19) අද එක්වෙමින්.

    රටේ ජනතාව තුළ ඇතිවී තිබෙන අපේක්ෂා භංගත්වයට විසඳුම් ලබාදී මෙරට දුක් විඳින පොඩි මිනිසාගේ දුක,කදුල,වේදනාව අවබෝධ කර ගිනිමන් පොදු ජන පැතුම් ඉටු කිරීමට ඇප කැප වෙනවා. මෙරට තරුණ පරපුර සමග සමාජ ගිවිසුමක් අත්සන් කර තරුණ ප්‍රඥාප්තියක් නිර්මාණය කරනවා. එයට තරුණ තරුණියන්ගෙ අයිතීන්, ඉල්ලීම්, තාරුණ්‍යයේ බලාපොරොත්තු යන සියලුම අංශ ඇතුළත් කර නීතිමය බලයක් ලබා දෙනවා. එමගින් මෙරට තරුණ පරපුරට නිදහස් නිවහල් සංවර්ධිත ජන ජීවිතයක් උදා කිරීමට කටයුතු කරනවා.

    මෙරට ජනගහනයෙන් 51%ක් පමණ වන කාන්තා පරපුර වෙනුවෙන් ඉදිරි දින කිහිපය තුළ කාන්තා ප්‍රඥාප්තියකට අත්සන් තබනවා. මෙරට කාන්තාවන්ගේ දේශපාලන, සමාජීය, සුභසාධන, ආර්ථික සිවිල් හා මානව යන සෑම අයිතින්ම මෙම ප්‍රඥප්තියට ඇතුළත් කර ඒවා ක්‍රියාත්මක කිරීටම නීතිමය බලයක් ලබා දෙනවා. කාන්තා පරපුරේ දුක,කදුල,සිහින අවබෝධ කර ගිනිමන් සමාජ රැකරවණය ලබා දී මෙරට නව සංවර්ධන ගමනේ පෙරමග ගමන්කරුවන් බවට කාන්තා පරපුර පත්කරනවා.

    විදේශ රැකියාවල නියුතු කාන්තාවන් උපයන විදේශ විනිමය රටේ ජීවනාලිය වෙනවා. නමුත් එම කාන්තාවන් විවිධ වද හිංසා, දුෂ්කරතා මැද අනාරක්ෂිතව රැකියා වන නිරත වී සිටිනවා. විදේශීය රැකියාව වල නියුතු කාන්තා පරපුරට වද හිංසාවලින් තොරව රැකියාවල සුරක්ෂිතතාව ඇතිකර කාන්තා අයිතීන් සුරැකිම වෙනුවෙන් විදේශ රටවල් වල රාජ්‍ය නායකයින් සමග ද්විපාර්ශවීය ගිවිසුම්වලට එළඹෙනවා. එමගින් විදේශ විනිමය උපනය මෙරට කාන්තා පරපුර රැක ගැනීමට විශේෂ වැඩපිළිවෙළක් තමන් ක්‍රියාත්මක කරනවා. යනුවෙන් ද පැවසීය

     

    ඉන්පසු සජිත් ප්‍රේමදාස මහතා මාතලේ දිස්ත්‍රික්කයේ, රත්තොට මහජන ක්‍රීඩාංගණයේ දී පැවති ජන රැලියට අද (19) සහභාගී විය. ප්‍රතිවාදී අපේක්‍ෂකයා සහ ඔහුගේ පවුල් පරපුරට ඇත්තේ ධන බලය සහ පවුල්බලය පමණක් බවත්, මෙරට සෑම පවුලකම, සෑම පුරවැසියෙකුගේම, සෑම පොඩි මිනිසාගේම බලය තිබෙන්නේ තමන්ට බවත්, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා ...

    “ප්‍රතිවාදී අපේක්‍ෂකයා සහ ඔහුගේ පවුල් පරපුර ආසාවෙන් බලන් ඉන්නවා නැවත මන්දිර දේශපාලනයේ නිරත වෙමින් රටේ සම්පත් අවභාවිතා කර ජනතා දේපල සුරා කන යුගය නිර්මාණය කරන්න.


    මෙරට පුරවැසිභාවය නොමැති වතු ප්‍රජාව ලක්‍ෂ 12කට වැඩි පිරිසකට රණසිංහ ප්‍රේමදාස තම පියාණන් පුරවැසිභාවය ලබාදුන්නා වගේ රණසිංහ ප්‍රේමදාසගේ පුතා ලෙස වතු ප්‍රජාවට හිමිවන සොච්චම් වැටුප වැඩි කර, පවුලට ජීවත්වීමට අවශ්‍ය හොඳ ආදායම් මාර්ග නිර්මාණය කර ශක්තිමත් ජන ජිවිතයක් උදා කරනවා. ජනාධිපති විශේෂ කාර්ය සාධක බලකායක් පිහිටුවා ජනාධිපතිවරයාගේ පුද්ගල අධීක්‍ෂණය යටතේ වතු කම්කරු ජනතාව වෙනුවෙන් විශේෂ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරනවා.

    සුළු අපනයන භෝග වගාවන්ට අඩු මිලක් හිමිවීම සහ විවිධ ගැටලු නිසා අසරණ වෙලා සිටිනවා. 16 වැනිදා ජනතාව තමන්ගේ ඉහළම තනතුරට පත්කරන විට ගම්මිරිස් ඇතුළු සුළු අපනයන භෝගවලට සාධාරණ සහතික මිලක් ලබාදී ගම්මිරිස් ප්‍රති අපනයන ජාවාරම අනිවාර්යයෙන්ම නතර කරනවා.

    මන්දිර දේශපාලන, ප්‍රභූ දේශපාලනය මම ප්‍රතික්ෂේප කරනවා. ජන වරමෙන් 16 වෙනිදා තමන්ව ජනාධිපතිධූරයට පත්කළ පසුව එදාටත් අද මෙන් පොඩි මිනිසා ළඟට පැමිණ, ජනතාව ශක්තිමත් කර මාතෘ භූමිය දිනවන ස්වර්ණමය යුගය නිර්මාණය කරනවා“ යනුවෙන් ද පැවසීය.

    රංජිත් අලුවිහාරේ, වසන්ත අලුවිහාරේ, වඩුවේල් සුරේෂ් යන මැති ඇමතිවරු ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

    Last modified on සෙනසුරාදා, 19 ඔක්තෝබර් 2019 20:24

    Latest News