පෞද්ගලික ව්‍යවසායකයන්ට ආර්ථිකය ශක්තිමත් කිරීමට දායකවීමට උපරිම ඉඩකඩ..සජිත් ප්‍රේමදාස (වීඩියෝ)

ඔක් 19, 2019

    නව රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියක් හඳුන්වා දෙමින්, පෞද්ගලික ව්‍යවසායකයන්ට ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා දායක වීමට උපරිම ඉඩකඩ සලසන බව, ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි.

    ඊයේ කොළඹ පැවති ව්‍යාපාරික සම්මන්ත්‍රණයට එක්වෙමින්, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ, ජනාධිපති අපේක්ෂකවරයා, තම ආර්ථික ප්‍රතිපත්තිය ගැන කරුණු පැහැදිලි කළේය. ව්‍යාපාරික හමුව සඳහා මෙරට මුල්පළේ ව්‍යාපාරික ප්‍රධානීන්, ව්‍යවසායකයන්, ආර්ථික විශේෂඥයන් හා දේශපාලනඥයන් එක්ව සිටියේය. ඊට එක් වූ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේ, ව්‍යාපාරික ක්ෂේත්‍රයට රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ඉතා ඉහළ දායකත්වයක් ලබාදිය හැකි බවයි.

    "පෞද්ගලික ව්‍යාවසායකයන්ට මෙරට ආර්ථිකයේ වත්කම් උත්පාදන ක්‍රියාවලිය සඳහා අවශ්‍ය උපරිම අවස්ථා සැලසීමට හා අපේක්ෂා කරනවා. ඉල්ලුම හා සැපයුම පදනම් කර අවශ්‍ය උපරිම අවස්ථා සැලසීමට මා අපේක්ෂා කරනවා. ඉල්ලුම හා සැපයුම පදනම් කර ගත් පහසුකම් නැංවීම තවත් අපේක්ෂාවක්. උපරිම සාධනීය තත්වයන් හා දිරිමත් කිරීමේ ක්‍රියාමාර්ග ව්‍යවසායකත්වයන් වඩාත් ප්‍රචලිත කිරීමට හේතු වෙයි. මා විශ්වාස කරන්නේ ආර්ථික වර්ධනයේ එල, එනම් අප උපයන ආදායම හා වත්කම් රටේ සියලු ක්ෂේත්‍රෙවත සමාන සාධාරණ පදනමකින් යොමු විය යුතු බවයි. ආර්ථිකය ශක්තිමත් කිරීමෙන් නව රැකියා අවස්ථා උත්පාදනයට මා සතුව සැලසුම් පවතින බව, අවධාරණය කරන්න කැමතියි. මම සාමාන්‍යයෙන් අධික බදු මත විශ්වාසය තබන දේශපාලනඥයෙක් නෙමෙයි. මා අපේක්ෂා කරක්නේ, බදු ක්‍රමය ප්‍රතිසංස්කරණය කර, අධික බදු අඩුකර, පෞද්ගලික ව්‍යවසායකත්වය වර්ධනය වීමට ඉඩ සැලසීමේ ක්‍රියාදාමයක්. සමස්තයක් වශයෙන් තරගකාරී වෙළඳපොළ මෙන්ම, සමාජ සාධාරණය යන අංශ ශක්තිමත් කිරීම ගැන මා විශ්වාසය තබනවා."

    Last modified on සෙනසුරාදා, 19 ඔක්තෝබර් 2019 20:03

    Latest News