කොළඹට පැය 18ක ජල කප්පාදුවක්

ඔක් 19, 2019

    කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (19) රාත්‍රියේ සිට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. ඒ අත්‍යාවශ්‍ය නවීකරණ කටයුත්තක් හේතුවෙන්.

    ඒ අනුව අද රාත්‍රි 9.00 සිට ඉරිදා පස්වරු 03.00 දක්වා කොළඹ 13,14 සහ 15 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි. එමෙන්ම අදාළ කාලය තුළ කොටුව, පිටකොටුව සහ කොළඹ 09 යන ප්‍රදේශවලට අඩුපීඩනයක් යටතේ ජලය සැපයෙන බවද ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කරයි.

     

     

    Last modified on සෙනසුරාදා, 19 ඔක්තෝබර් 2019 10:02

    Latest News