මද්දක් නිසා මසකට වැඩි කාලයක් දුක් විඳින රිලවෙක්

ඔක් 18, 2019

    නුවරඑලිය සිතාඑලිය කෝවිල අසල මන්දකට හසු වි කඩාගෙන විත් තුවාල ලබා සිටින රිලවෙකුට ප්‍රතිකාර කිරිමට වනජිවි නිලධාරින් මෙතෙක් ඉදිරිපත් වි නොමැති බව සිතා එලිය ප්‍රදේශයේ ජනතාව පවසයි.

    මාස දෙකක පමණ කාලයක් මන්දකට හසුවි බේරි ඇති මෙම රිලවාගේ ශරිරය පුරා කම්බි එති ඇති බවත්, එ තුලින් රිලවා දැඩි ලෙස තුවාල ලබා සිතා එලිය කෝවිල අසල සහ එ අසල රක්ෂිතයේ දැඩි වේදනාවින් යුතුව සිටින බවයි ප්‍රදේශවාසින් පවසන්නේ.

    සිතා එලිය කෝවිල ආසන්නයේම හග්ගල වනජිවි කාර්යයාලය පිහිටා ඇති බවත්, එම කාර්යයාලයේ නිලධාරින්ට තුවාල ලබා සිටින රිලවා පිලිබදව අවස්තා කිහිපයකදි දැනුම් දුන්නත් ඔවුන් මේ වන තෙක් කිසිදු පියවරක් ගෙන නොමැති බව හග්ගල ප්‍රදේශවාසින් කියා සිටි.

    හග්ගල වනජිවි කාර්යයාලයේ නිලධාරියෙකුගෙන් කල විමසුමකට ඔහු කියා සිටියේ රිලවුන් 300 පමණ රංචුවක මද්දට හසු වු රිලවා සිටින බවයි. තුවාල ලබා සිටින රිලවා නිරුපද්‍රිතව අල්ලා ගැනිමට අවස්තා කිහිපයකදි විවිධ උපක්‍රම යෙදුවද අල්ලා ගැනිමට නොහැකි වු බව වනජිවි නිලධාරින් කියා සිටියේය. නිර්වින්දන වෛද්‍යයවරයෙකුගේ සහය ඇතිව මද්දට හසුවි තුවාල ලබා සිටින රිලවා අල්ලා ප්‍රතිකාර කිරිමට කටයුතු කර ඇති බව ද වනජිවි නිලධාරියා කියා සිටියේය.

    Latest News