මංජු ශ්‍රී අරංගල සමුගනී

ඔක් 18, 2019

    බස්නාහිර පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක සහ එක්සත් ජාතික පක්ෂයේ හෝමාගම හිටපු ප‍්‍රධාන සංවිධායක මංජු ශී‍්‍ර අරංගල මහතා (63) අද (18) කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප‍්‍රාප්ත විය.

    මීගොඩ ප‍්‍රදේශයේ ඉපිද මහනුවර ධර්මරාජ විද්‍යාලයෙන් හා කෝට්ටේ ආනන්ද ශාස්ත‍්‍රාලයෙන් උසස් අධ්‍යාපනය හැදාරා තිබේ. දිවංගත හිටපු අමාත්‍ය ගාමිණි ජයසූරිය මහතා සමඟ එක්ව වර්ෂ 1977 සිට කි‍්‍රයාකාරී දේශපාලනයට පිවිසි ඔහු එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල සමාජිකයෙක් ලෙස කටයුතු කළේය.

    මංජු ශී‍්‍ර අරංගල හෝමාගම විවිධ සේවා සමූපකාරයේ සහ හෝමාගම ප‍්‍රාදේශීය සභාවේ සභාපති ධූරය දැරූවේය. පසුව ඔහු බස්නාහිර පළාත් සභාවට තේරි පත්විමෙන් පසු එහි විපක්ෂ නායක ලෙස කටයුතු කළේය.

    Latest News