මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කර වරප්‍රසාද සිමා කරණ බවට අනුර කුමාරගෙන් පොරොන්දුවක්

ඔක් 18, 2019

    ජාතික ජන බල වේගයේ ජනාධිපති අපේක්ෂක අනුරකුමාර දිසානායක මහතා බලයට පැමිණිමෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද අඩුකරන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මාණ්ඩලික සභික කේ. ඩි. ලාල්කාන්ත මහතා පවසයි.

    ජාතික ජන බල වේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහාතාට සහය පල කිරිමට නොර්වුඩ් නගරයේ ඊයේ (17) පස්වරුවේ පැවති ජන හමුවේදි ඔහු මේ බව කියා සිටියේය.

    ගත වු වසර 71 තුල රටේ පාට පක්ෂ වෙනස් වි ඇතත් රට වෙනස් වි නොමැති බව කේ.ඩි ලාල්කාන්ත මහතා පැවසිය.

    ජනතා වරමින් පාර්ලිමේන්තුවට තේරි පත් වන මන්ත්‍රීවරුන් ජනතාවට සේවයක් නොකර වරප්‍රසාද සියල්ල ලබා ගන්නා බව කියා සිටියේය. එ අනුව ජනතාව ප්‍රතික්ෂේප කරන විට එම දේශපාලඥයින් විශ්‍රාම වැටුපක්ද ලැබෙන බව ඔහු පෙන්වා දුනි. දැනට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලබන වරප්‍රසාද සිමා කිරිමටත්, විශ්‍රාම වැටුපද නැති කිරිමට පියවර ගන්නා බව ඔහු අවධාරනය කළේය.

    Latest News