මුදල් වාංචාකළ ගම්පහ සණස බැංකුවේ සභාපති අත්අඩංගුවට

ඔක් 18, 2019

    ගම්පහ සණස බැංකුවේ සභාපතිවරයා ඊයේ රාත්‍රී අත්අඩංගුවට ගෙන තිබේ. ඒ තැන්පත්කරුවන්ගේ රුපියල් කෝටි 55කට අධික මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන්.

    ගම්පහ සණස බැංකුවේ ගිණුම් 120ක පමණ තැන්පත් කර තිබූ මුදල් සභාපතිවරයා විසින් මෙලෙස වංචා කර තිබේ. ඔහු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින්. ඒ ගම්පහ සණස බැංකු කාර්යාලයේදී. ඔහු අද ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Last modified on සිකුරාදා, 18 ඔක්තෝබර් 2019 08:30

    Latest News