තැපැල් ඡන්ද පත්‍රිකා අද තැපැල් දෙපාර්තමේන්තුවට

ඔක් 18, 2019

    2019 ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා බෙදාහැරීම සඳහා අද (18) තැපැල් දෙපාර්තමේන්තුවට භාරදීමට නියමිතයි.

    තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලැබු සංඛ්‍යාව හය ලක්ෂ පනස් නව දහස් පන්සිය දාහතරක්. ඔවුන්ට ලබන මස 31 වැනිදා සහ නොවැම්බර් 01 වැනිදා ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා දී තිබේ.

    මේ අතර නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලබන 25 වැනිදා සිටි බෙදා හැරීමට තැපැල් දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වෙයි.

    Last modified on සිකුරාදා, 18 ඔක්තෝබර් 2019 08:18

    Latest News