රාජ්‍ය සේවකයෝ ශක්තිමත් කරපු ආණ්ඩුවක්; අකිල විරාජ්

ඔක් 17, 2019

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක, ගෝඨාභය රාජපක්‍ෂ මහතා, පසුගියදා පැවති මාධ්‍ය හමුවක පළ කළ අදහස් පිළිබඳව එක්සත් පක්‍ෂය මාධ්‍ය හමු කිහිපයකදී අදහස් පළ කළේය.

    අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා...

    “රාජ්‍ය සේවකයෝ ශක්තිමත් කරපු ආණ්ඩුවක් තිබිලා නැහැ. ලක්‍ෂ 15කට වැඩිය රාජ්‍ය සේවකයෝ ඉන්නවා. මුලික වැටුප 108%කට වඩා ප්‍රමාණයකින් වැඩි කරා. දීමනාත් එක්ක ගත්තොත් 200%කින් විතර වැඩිවෙලා. රාජ්‍ය සේවකයන්ට යුතුකමක් තියෙනවා හංසයා ඉදිරියේ කතිරය ගසන්න. අපිට සහයෝගය දක්වන්න. රැස්වීමට ගිහිල්ලා හූ කියන්න ඔලුවේ අමාරු තියෙන අය යු.එන්.පී එකේ නැහැ. ඊයේ, පෙරේදා අපේක්‍ෂකතුමා කිව්වා යුද්දේ කළේ සරත් ෆොන්සේකා මහත්තයා කියලා පළමුවෙනි වතාවට පිළිගත්තා ගෝඨාභය මහත්තයා. පහුගිය කාලයේම යුද්ධය කළේ අපි කියලන කිව්වේ“ යැයි කාරියවසම් මහතා පැවසීය.

    රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා...

    මාධ්‍යවේදීන් ඔබතුමා සුදු වෑන්වලින් ආයිත් උස්සයිද කියලා. එතුමා කියනවා එහෙම මම උස්සනවද සුදු වෑන්වලින් කියලා. මම බලාගෙන ඉන්නකොටත් හිතුණා මෙහෙම මිනිසුන්ට කතා කරන්න පුලුවන්ද කියලා. එතුමා කියනවා දැන් කතා කරන්න එපා 89 කතා කරන්න කියලා. එතුමා 89 හමුදා නිලධාරියෙක්. ගෝඨාභය කියන්නේ ගිරවෙක්. ලියලා දීලා තියෙන ටික දෙපැත්තේ මේව එකක් දාගෙන කියවලා හැබැයි පෙනුම හොඳයි. හැබැයි හිතන්නේ හොඳ බුද්ධියක් තියෙනවා දැක්කහම. ප්‍රශ්නයක් ඇහුවම ඇඹරෙනවා. අපෙන් අහන්න ඕනම ප්‍රශ්නයක්. ආර්ථිකය ගැන අහන්න. කෘෂිකර්මය ගැන අහන්න. සජිත් ප්‍රේමදාස මහත්තයට ඔබතුමාලගෙන් කොච්චර ප්‍රශ්න අහන්න පුලුවන්ද“ යැයි සූජීව සේනසිංහ මහතා පැවසීය.

    හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මිය...

    වැරදි මාවතකට යොමු කළා පෙරේදා මහින්ද රාජපක්‍ෂ මැතිතුමා. එතුමගෙන් අහනවා එක්තරා නිවේදකයෙක් ගිය සැරේ ආණ්ඩුවේ 2015 ජනාධිපති පත්කළ ගමන් අගමැති දිවුරුම් දුන්නා. ඒ වගේ මේ සැරේ කරන්න පුලුවන්ද කියලා. එතුමා කිව්වා ඒක මං බලාගන්නම් ඒක පුලුවන් කියලා. එහෙම බැහැ. අනිවාර්්‍යයෙන් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් අවශ්‍යයි. ඒ තුනෙන් දෙක නැතුව අලුත් අගමැති කෙනෙක් ඔබට පත්කරන්න බැහැ. ඊට කලින් කරන්න ගිහිල්ලා අධිකරණය විසින් තීරණයකුත් දීලා තියෙන්නේ මේ රටේ. ඒ නිසා ඒක කරන්න බැහැ. බොරු කියන්න එපා මිනිසුන්ට“ යැයි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසුවාය.

     

    Latest News