මත්තල ගුවන් තොටුපල වී ගබඩාවක් කළා; පියල් නිශාන්ත

ඔක් 17, 2019

    ජනාධිපති වූ පසු කාබන් බද්ද ඉවත් කරන බවට, එක්සත් ජාතික පක්‍ෂ, ජනාධිපති අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ කළ ප්‍රකාශය සම්බන්ධයෙන්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් පළ කළේය.

    මේ රටේ මහා දැවැන්ත ආර්ථික අර්බුදයක් ඇතිවීමට සිද්ධ වෙච්ච මේ බැඳුම්කර මංකොල්ලය සිදුවුණේ සජිත් ප්‍රේමදාස අමාත්‍යතුමා කැබිනට් ඇමතිවරයා හැටියට ඉන්න අවදියේ තමයි මේ සියලු සිද්ධීන් සිද්ධ වෙන්නේ. මත්තල ගුවන් තොටුපොළ වී ගබඩාවක් කලේ එතුමාගේ කාලේ. මහා සංඝරත්නය සිර ගෙදර දැම්මේ එතුමාගේ කාලේ. රණවිරුවන්ව හිරේට දාලා, රණවිරුවන්ට දස වධ දුන්නේ එතුමාගේ කාලේ. ත්‍රස්තවාදීන්ට වන්දි ගෙවන පනත ආවේ පාර්ලිමේන්තුව එතුමා නියෝජනය කරන කාලසීමාව තුළ. මේ විධියට ගත්තට පස්සේ මේ රටේ ආර්ථිකය 1.6 දක්වා පහතට වැටිලා දැවැන්ත ආර්ථික අර්බුදයක් ඇතිවුණේ එතුමාගේ කාලේ. එතුමා කියනවා මම ජනාධිපතිවරයා හැටියට පත්වෙච්ච විගසම කාබන් බද්ද ඉවත් කරනවා කියලා. එතුමාට අමතක වෙලා තියෙනවා එතුමා කැබිනට් ඇමතිවරයා හැටියට ඉන්න ආණ්ඩුවක් කියන එක එතුමාට දැන් අමතක වෙලා තියෙනවා“ යැයි පියල් නිශාන්ත මහතා පැවසීය.

    ඉන්දික අනුරුද්ද මහතා....

    “දිල්රැක්‍ෂි නෝනා කියන කටයුත්තයි, සුහද ගම්ලත් මහත්තයා කියන කටයුතුයි එක්ක ගත්තහම අපිට දැනෙනවා ආචාර්ය උපාධියක් තියෙන විජේදාස රාජපක්‍ෂ මහත්තයවත් අධිකරණ ඇමතිකමින් අයින් කරා. මොකද අරලිය ගහ මන්දිරයේ අවශ්‍යතාවයන් කරන්නේ නැහැ කියලා“ යැයි ඉන්දික අනුරුද්ද මහතා පැවසීය.

     

     

     

     

    Last modified on බ්‍රහස්පතින්දා, 17 ඔක්තෝබර් 2019 20:33

    Latest News