සෆාරි 03 ක් අවසන් 04 වැනි සෆාරියේ දි මිය ගිය වාසනා

ඔක් 17, 2019

    සිගිරියේ අලි සෆාරි සංචාරයක් අතර අද අලියෙකු මිය ගොස් තිබේ.

    අද දින මෙම අලිය සෆාරි සංචාර තුනක් සිදුකර ඇති බව වාර්තාවේ. හතරවෙනි සංචාරකයන් පිරිස පිට මත තබා ගමන් ආරම්භ කර මද දුරක් ගමන් කිරිමේදි එකවර අලියා ගමන නවතා ඇති අලියාට යම්කිසි රෝගයක් හටගෙන ඇති බව වටහා ගත් ඇත්ගොව්වා නැවතත් සංචාරකයන් බස්සවා ඇත. ඉන් මද වේලාවකට පසු අලියා මියගොස් ඇතැයි වනජීවී නිලධාරීන් කියති.

    මෙසේ මියගොස් ඇත්තේ සිගිරිය පියසේන ගමගේ මහතාගේ සෆාරි ස්ථානයේ සිටී පල්ලෙබැද්ද රත්නපුර වාසනා නමැති අවුරුදු දහ අටක් පමණ අලියෙකි.

    මෙම අලියා පිළිබඳව අදහස් දැක්වූ ඇත්ගොව්වා වූ එල්. ඩබ්ලිව් .රංජිත් මහතා කියා සිටියේ මෙම අලියා මීට පෙර සීගිරියේ සෆාරි යොදවා සිට පෙරහැර කටයුතු සහ හබරණ ප්‍රදේශයේ වන අලි මිය යෑමේ සිද්ධිය සමග පල්ලෙබැද්ද රැගෙන ඊයේ (16) උදේ 6ට පමණ ත් සීගිරියට අලියා ගෙන බවයි.

    පසුව අද (17) දින විදේශිකයන් අවස්ථා තුනකදී අලියගෙ කර මත සෆාරි රැගෙන ගිය බවත් හතරවෙනි සංචාරකයන් පිරිස කර මත තබා ගමන් ආරම්භ කොට මද දුරක් යද්දී අලියාට ගමන් කිරීමට නොහැකිව සිටි බවත් හෙතෙම සඳහන් කළේය.

    මෙම සීගිරියේ සෆාරි හිමිකරු ගමගෙදර මහත්මිය කියා සිටියේ වසර හතරක පමණ කාලයක සිට මෙම අලියා තම සෆාරි ස්ථානයේ සිටි බවයි. එකවැර අසනීප වූ මෙම අලියා මියගිය බවත් මේ පිළිබඳව පරීක්ෂණයක් පැවැත්විය යුතු බවද ඇය පැවසුවාය.

    මෙම සිද්ධිය වූ ස්ථානයට පැමිණි සීගිරිය අඩවිවනසත්ව අඩවි ආරක්ෂක චන්ද්‍රා බණ්ඩාරනායක මහතා කියා සිටියේ හීලෑ අලින් පිළිබඳව නිරන්තරයෙන් වනජීවී නිලධාරීන් දැනුවත් කළයුතු බවයි. පසුගිය කාල සීමාව තුල මෙම අලියා මෙම සෆාරි භූමියේ නොසිටි බවත් අලියා නැවත සෆාරි ස්ථානයට රැගෙන ආ බව තමාව දැනුවත් නොකළ බවත් අලියා මියගොස් විශාල කාලයක් ගතවන තුරුත් තමාට දැන් වූයේ නැති බවත් ඔහු සඳහන් කළේය. කෙසේ වෙතත් හබරණ ප්‍රදේශයේ පසුගිය දින කීපය අලින් මිය යෑමේ සිද්ධිය හේතුවෙන් වනජීවී දෙපාර්තමේන්තුවට දැනුම් දී පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට අවශ්‍ය පියවර ගන්නා බව බණ්ඩාරනායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    Latest News