පොහොට්ටුවට තේ දල්ලෙන් පිපෙන්නට වතු කම්කරුවන්ගෙන් ඉඩක් නැහැ: පා.ම. මයිල්වාගනම්

ඔක් 17, 2019

    තේ දල්ල මතින් පිපෙන්නට උත්සහ කරන පොහොට්ටුවට පිපෙන්නට වතු කම්කරුවන් කිසිසේත් ඉඩ ලබා නොදන බව නුවරඑලිය දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මයිල්වාගනම් තිලකරාජ් මහතා පැවසයි.

    ඔහු මේ බව කියා සිටියේ අද (17) හැටන් නගරයේ පැවති විශේෂ මාධ්‍යය හමුවකදිය.

    යහපාලන රජයේ හොද අමාත්‍යය ධුර දරමින් වරප්‍රසාද ලබා ගත් ඇමතිවරුන් කිහිප දෙනෙකු අද පොහොට්ටුවට එකතු වි යහපාලන රජය විවේචනය කරන බව ඔහු පෙන්වාදුනි.  ලංකා කම්කරු කොන්ග්‍රසයේ මන්ත්‍රිවරුන් පිරිසක් මධ්‍යම රජයේ අමාත්‍යය ධුර දැරු බවත්, තවත් පිරිසක් මධ්‍යම පලාත් සභාවේ සහ ඌව පලාත් සභාවේ අමාත්‍යය ධුර දැරු බව ඔහු කියා සිටියේය.
    යහපාලන රජයේ අමාත්‍යය ධුර දරමින් අද ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණට එක් වි ගෝඨාභය රාජපක්ෂ මහතා දිනවිමට ලංකා කම්කරු කොන්ග්‍රසය ගන්නා උත්සහයට වතු කම්කරුන් කිසිසේත් ඉඩ ලබා නොදෙන බව මයිල්වාගනම් තිලකරාජ් මහතා අවධාරනය කළේය.

    යහපාලන රජය මගින් වතු කම්කරුවන් වෙනුවෙන් ඉතිහාසයේ මෙතෙක් සිදු කල විශාල සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් සිදු කර ඇති බවත්, නව පලාත් පාලන ආයතන ඇති කරමින් වතුකරයේ ජනතාව එදිනේදා කටයතු පහසු කල බවත් කියා සිටියේය. දිපාවලි උත්සව සමය වෙනුවෙන් රුපියල් පහලොස්දහසක උත්සව අත්තිකාරම් ලබා දිමට කටයුතු කලේ යහපාලන රජය බව නුවරඑලිය දිස්ත්‍රික් මන්ත්‍රී මයිල්වාගනම් තිලකරාජ් මහතා පැවසිය.

    Latest News