මොළයක් ඇත්නම් පොහොට්ටුවට මුක්කු එපා, තැනක් දෙන්නෙ නෑ - විජේමුණි

ඔක් 17, 2019

    ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින්ට මොළයක් ඇත්නම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මුක්කු ගැසීමට නොයන ලෙසත් එහි රාජපක්ෂ පවුලේ සාමාජිකයින්ට මිස වෙනත් අයට තැනක් නොලැබෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජේමුණි සොයිසා මහතා පවසයි.

    එසේම ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා කතරගම දේවාලයත් විනාශ කර දෙවියනුත් විනාශ කළ බවටයි ඒ මහතා චෝදනා කළේ.

    "මේ සැරේ දොඹෙන් නෙවෙයි දොඹ තෙලන් ගේම ගහන්න ඕනෙ. මොණරාගල ටික නම් කළේ දෙයියනේ කියලා මෙහෙන් එකෙක් ගියා ශෂීන්ද්‍ර කියලා, ‍‍ඌ. ඌ ගිහිල්ලා දේවාලෙත් කෑවා, දෙයියොත් කෑවා. දැන් අපි යන්නෙ කැබිලිත්තෙ මොකද, ශුවර් එකක් නෑ අතන ඉන්නවා කියලා. මූ ගියාට පස්සෙ දෙයියො ඉඳීවියැ හත් ඉලව්වේ.

    එක උදාහරණයක් කියන්නම්, මේ ආසනේ අපෙ චමල් අයියගෙ නේද ? චමල් අයියා ඉතිං බැලුවාම හරි අහිංසකයි, මිනිහා හරි වසයි. චමල් අයියා .... ශෂීන්ද්‍රත් ඉල්ලුවා, මගෙ පුතාත් ඉල්ලුවා පළාත් සභාවට. එහෙ තියෙනවා කටුගහකොළනිය වැව. දැන් ගොවි සංවිධානෙන් ගෙනල්ලා චමල් අයියා පොරොන්දුවක් දෙනවා. එතකොට එයා වාරිමාර්ග ඇමති, පුතා මහ ඇමති, මුදල් ඇමති මහින්ද මහත්තයා, ආර්ථික සංවර්ධන ඇමති බැසිල්. මං අහන්නෙ ශ්‍රී ලංකා කාරයින්ට මොළයක් තියෙනවා නම් හත් ඉලව්වේ ඕකට මුක්කු ගහන්න යන්න එපා, මුං තැනක් දෙන්නෙ නෑ !

    මේ ඔක්කොම ඉඳගෙන චමල් අයියා කියනවා ගොවි සංවිධානෙට මම වැව හදනවා, උඹලා පීනන්න පුරුදු වෙයල්ලා කියලා. මුං හැදුවද කටුගහකොළනිය වැව ? හැදුවෙ නෑ මිත්‍රවරුනි. මේ සොයිසා වාරිමාර්ග ඇමති වුණේ නැත්තං තාමත් උන් ගොඩ පීනනවා" යනුවෙන් ඒ මහතා ප්‍රකාශ කළේය.

    විජිත් විජේමුණි සොයිසා මහතා මේ බව පැවසුවේ ඊයේ (16) පැවති තිස්සමහාරාම එක්සත් ජාතික පක්ෂ ආසන බලමණ්ඩල රැස්වීම අමතමිනි.

    Last modified on බ්‍රහස්පතින්දා, 17 ඔක්තෝබර් 2019 09:37

    Latest News