උතුරේ සංවර්ධන ව්‍යාපෘති අගමැති රනිල්ගේ නිරීක්‍ෂණයට (වීඩියෝ)

ඔක් 16, 2019

    උතුරු ප්‍රදේශයේ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් අද (16) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නිරීක්‍ෂණයට ලක්විය.

    ප්‍රථමයෙන් අගමැතිතුමාගේ නිරීක්‍ෂණයට ලක්වූණේ, යාපනය කල්ලුන්ඩායි ප්‍රදේශයේ ඉදිකර ඇති නිවාස ව්‍යාපෘතියයි. ජාතික ප්‍රතිපත්ති හා උතුරු සංවර්ධන අමාත්‍යාංශය යටතේ ඊට වැය කෙරුණු මුදල රුපියල් අට කෝටියක්. නිවාස සියයකට අධික සංඛ්‍යාවක් මෙහි ඉදිකර තිබේ. නිවසක වටිනාකම රුපියල් ලක්‍ෂ 10ක්. සියලු යටිතල පහසුකම්වලින් ව්‍යාපෘතිය සමන්විතවේ. 

    යාපනය, කීරමලේ පන්නාලෙයි හා කඩ්ඩුවාන් එලාලෙයි යන මාර්ග කාපට් අතුරා සංවර්ධනය කෙරේ. එහි ඉදිකිරීම් අද ආරම්භ කෙරුණේ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.

    ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාර මත ව්‍යාපෘති ක්‍රියාවට නංවන්නේ මාර්ග සංවර්ධන අධිකාරියයි. ප්‍රතිසංස්කරණ කටයුතු 2021 වසරේ දී නිම කිරීමට අපේක්‍ෂිතයි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද මාවඩ්ඩිපුරම් හින්දු කෝවිලේ ආගමි වතාවත්වලට සහභාගි විය. සංචාරය අතරතුරදී අග්‍රාමාත්‍යවරයාට උතුරේ ජනතාවගෙන් හිමිවුණේ, උණුසුම් ප්‍රතිචාරයක් වික්‍රමසිංහ මහතා ඔවුන් සමඟ සුහද කතාබහක ද නිරත විය.

    Last modified on බදාදා, 16 ඔක්තෝබර් 2019 20:24

    Latest News