යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපල විවෘත කිරීම හෙට (17) (වීඩියෝ)

ඔක් 16, 2019

    යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හෙට විවෘත කෙරේ.

    ප්‍රථම ගුවන් යානය චෙන්නායි සිට යාපනය ගුවන් තොටුපල වෙත හෙට ළඟාවීමට නියමිතයි. අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අද එහි නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය. උතුරේ ජනතාවට කටුනායකට නොගොස් යාපනයේ සිට දකුණු ඉන්දියාවට යාමේ අවස්ථාව මෙමගින් උදාවේ. ඉදිරියේදී මාලදිවයින, මැලේසියාව යන රටවලට ද ගුවන් ගමන් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා පැවසීය. දෛනික ගුවන් මෙහෙයුම් නොවැම්බර් මාසයේ සිට ආරම්භ කිරීමට නියමිතයි. යාපනය පලාලි ගුවන් තොටුපල සංවර්ධනයට ආයෝජනය කෙරෙන මුදල රුපියල් මිලියන 2250ක්. ශ්‍රී ලංකා රජයෙන් රුපියල් මිලියන 1950ක් සහ ඉන්දීය ආධාර රුපියල් මිලියන 300ක් ඊට වැය කෙරෙන බව අමාත්‍යවරයා පැවසීය.

    Last modified on බදාදා, 16 ඔක්තෝබර් 2019 20:22

    Latest News