අසත්‍ය තොරතුරක් ගැන මහජනතාව දැනුවත් කිරිමක්

ඔක් 16, 2019

    මට්ටක්කුලිය පොලිස් වසමේ ක්‍රිස්තියානි පල්ලියක් සහ ඊට යාබදව ඇති පාසලක් අසල සැකකටයුතු වාහනයක් තිබෙන බවට මට්ටක්කුලිය පොලිස් ස්තානයට තොරතුරක් ලැබි ඇත.

    පසුව ඒ පිළිබඳව පොලීසිය විසින් පරීක්ෂා කර ඇති අතර එහිදි සුඛෝපභෝගී මෝටර් රථයක් හමු වු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. එහි කාර්මික දෝශයක් ඇති වු බැවින් ඊයේ (15) රාත්‍රීයේ එම ස්ථානයේ මෝටර් රථය තබා ගිය බව එහි හිමිකරු විසින් පැවසු බව පොලීස් නිවේදනයේ සඳහන්වේ.

    අද (16) උදැසන පාසල් යාමට පැමිනි සිසුන් මෙන්ම දෙමාපියන් මෙම මෝටර් රථය මෙලෙස මාර්ග අසල නවතා දමා තිබෙනු දැක මට්ටක්කුලිය පොලිස් ස්ථානයට පැමිණිල කර තිබේ.

    පසුව එම ස්ථානයට මට්ටකුලිය පොලිසියෙන් පැමිණ රථය ගැන සොයා බැලිමේදි එහි හිමිකරුද පැමිණ සිද්ධිය පොලිසියට දැනුම් දි ඇත. ඒ අනුව මෝටර් රථය පොලිසිය විසින් පරික්ෂා කර තිබේ. මෙම පරික්ෂණයේදි මෝටර් රථයේ කිසිදු සැකකටයුතු යමක් නොතිබු බවත් පොලිස් මාධ්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

    එ අනුව දැනට ප්‍රචාරනය වන සියල්ල අසත්‍ය බව පොලිස් නිවේදනයේ සඳහන්වේ.

    Latest News