icc

ධනය නැහැ කියන්නේ බොරු: 2009 සිට ශ්‍රී ලන්කන් පාඩු කෝටි 14000යි - අනුර කුමාර

ඔක් 15, 2019

    ජාතික ජන බලවේගයේ සෞඛ්‍ය ප්‍රතිපත්තිය ජනාධිපති ධූර අපේක්‍ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15) එළිදැක්විණ.

    ඒ, ශ්‍රී ලංකා පදනමේදී. මේ අවස්ථාවට සෞඛ්‍ය ප්‍රතිපත්ති කමිටුවේ සාමාජිකයන් ඇතුළු පිරිසක් එක්වූහ. “ගුණාත්මක සෞඛ්‍ය සේවයක්, නිරෝගී පුරවැසියෙක්“ යන්න එහි තේමාවයි.

    එහිදී අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා...

    “බලවත් සහ ධනවත් අයගේ ජීවත්වීමේ හැකියාව තියෙනවා. දුබල, දුප්පත් අයට මරණය තෝරා ගැනීම සඳහා තිබෙන සෞඛ්‍ය ප්‍රතිපත්තියක් අපේ රටේ තියෙනවා. නැවත සෞඛ්‍ය සේවය රෝහල් ඇතුලට ගෙනි යන්න ඕනේ. රෝහල තිබුණට සේවය තියෙන්නේ අපේ මේ ප්‍රතිපත්ති රාමුවේම අරමුණ තමයි යළි අපේ රටේ නිදහස් සෞඛ්‍ය සේවය සෞඛ්‍ය අවශ්‍යතාවයන් සඳහා ප්‍රවේශවීමේ අයිතිය සමාන ලෙස තහවුරු කිරීම තමයි මෙම ප්‍රතිපත්තියේ මුලික අරමුණ. ඔබ ජීවත් වෙන්න තීරණය කරන්නේ ඔබේ පොකෙට්ටෙකේ තරම නෙමෙයි. ඔබ ජීවත්වීම තීරණය කරන්නේ ඔබගේ සාක්කුවේ තරම නොවේ. ඔබ ජීවත්වීමට තීරණය කරන්නේ ඔබේ ලෙඩට ලබාදිය හැකි උපරිම සෞඛ්‍ය සේවය ලබාදීම හරහා පුලුවන්ද? බැරිද කියන එක.

    2009 ඉඳන් මේ වෙනකොට එයාර් ලංකා එකේ පාඩුව බිලියන 142යි. බිලියනයක් කියන්නේ කෝටි 100ක්. ආසන්න වශයෙන් ගත්තොත් කෝටි දහ හතර දහස් දෙසීයයි. මොකක් ද වෙලා තියෙන්නේ. රෝහල් 600යි. මෙතන පාඩුව කෝටි දහ හතර දහස් ගණනක්. ඒ කියන්නේ සෑම රෝහලකටම ආසන්න වශයෙන් ගත්තොත් කෝටි 25 ගනනේ හැම රෝහලකටම දෙන්න තිබුණා එයාර් ලංකා එකේ මුදල් ඉතිරි කරගත්ත නම්. රෝහල් දෙකකට කෝටිය ගණනේ දෙන්න තිබ්බා නෙළුම් කුළුණේ කෝටි 200 ගත්ත නම්. ධනය නැහැ කියන්නේ බොරු. ඒ ගොල්ලන්ට ඕන එකක් කරන්න පටන් ගත්තම ඒ ගොල්ලෝ ධනය නැහැ කියන්නේ නැහැ. ඒ ගොල්ලන්ට අවශ්‍ය දේවල් කරන්න ඒගොල්ලෝ ධනය හොයා ගන්නවා“ යැයි අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

    Last modified on අඟහරුවාදා, 15 ඔක්තෝබර් 2019 18:59

    Latest News