මහින්දානන්දට UNP යෙන් අභියෝගයක්

ඔක් 15, 2019

    නාවලපිටිය ආසනයේ එක්සත් ජාතික පක්ෂ නව සංවිධායක සසංක සම්පත් සංජිව මහතාව පිලි ගැනිමේ උත්සවයක් අද (15) නාවලපිටිය නගරයේදි පැවැත්විණ.


    නව සංවිධායක සසංක සම්පත් සංජිව මහතා විසින් නාවලපිටිය නගරයේ ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යයාලයක්ද විවෘත කෙරිණ.

    ජනාධිපතිවරණ මෙහෙයම් කාර්යාලය විවෘත කිරිමෙන් පසු මාධ්‍යයට අදහස් දැක් වු සසංක සම්පත් සංජිව මහතා කියා සිටියේ නාවලපිටිය ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂයේ සියළු දෙනා එකතු කර ගනිමින් නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා දිනවිමට උපරිම අයුරින් කටයුතු කරන බවයි.

    නාවලපිටිය ආසනයේ ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ආසන සංවිධායක සහ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා තමන්ට අභියෝගයක් නොවන බව ඔහු පැවසීය. එක්සත් ජාතික පක්ෂයේ කළ කිරි සිටි සියළු පාක්ෂිකයන් සජිත් ප්‍රේමදාස මහතා නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පත් කිරිමෙන් පසුව යලිත් කරලියට පැමිණ ඇති බව සසංක සම්පත් සංජිව කියා සිටියේය.

    එක්සත් ජාතික පක්ෂයේ නායක, අග්‍රාමාත්‍යය රනිල් වික්‍රමසිංහ මහතා විසින් නාවලපිටිය ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ සංවිධායක ලෙස සසංක සම්පත් සංජිව මහතාව ඊයේ (14) සිට පත් කර ඇත.

    unpoffice px 900 19 10

    Latest News