ජනපතිවරණයේ දී පරිසරය රැකීමට මාතලෙන් ජනතා පෙත්සමක්

ඔක් 15, 2019

    ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු පොලිතින් භාවිතායෙන් තොර පරිසර හිතකාමීව හා ප්‍රචන්ඩත්වයෙන් තොර මැතිවරණයක් පැවැත්විම සදහා ජනතා පෙත්සමක් අත්සන් කිරිම අද (15) මාතලේ ඔරලෝසුකණුව ඉදිරිපිටන් ආරම්භ කෙරිණ.

    මාතලේ මාධ්‍යවේදීන්ගේ සංගමය මෙහෙයවනු ලැබු එම වැඩ සටහනට ජනාධිපතිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා නියෝජනය කරමින් කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා, මාතලේ මහ නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ මහතා, ජානාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝජනය කරමින් හිටපු අමාත්‍ය රෝහණ දිසානයක මහතා, අනුර කුමාර දිසානායක මහතා නියෝජනය කරමින් ජනතා විමුක්ති පෙරමුණේ මාතලේ දිස්ත්‍රික් නායක ගමගෙදර දිසානායක මහතා ඇතුළු ජනතා නියෝජිතයින් මෙම අවස්ථාවට එක්වුහ.

    පරිසර හිතකාමී හා ප්‍රචන්ඩත්වයෙන් තොරව ඉදිරි මැතිවරණය සාමකාමීව පැවැත්විමට මාතලෙන් රටට ආදර්ශයක් ලබාදිමේ අරමුණින් මෙම වැඩ සටහන ක්‍රියාත්මක කරනු ලැබේ. ජනතා පෙත්සම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත ලබාදිමට නියමිත බව මාතලේ මාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති මධුසංඛ බන්ඩාර මහතා පැවසීය.

     

    Last modified on අඟහරුවාදා, 15 ඔක්තෝබර් 2019 13:13

    Latest News