ශ්‍රීලනීපයේ තවත් පිරිසක් ගැලවී සජිත්ගේ ජනපති සටනට එක්වේ

ඔක් 15, 2019

    රටේ තරුණ පරපුර කේන්ද්‍ර කරගත් සංවර්ධන විප්ලවයක් ආරම්භකරන බව, නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (14) පැල්මඩුල්ලේ පැවති ජන හමුවකදී ප්‍රකාශ කළේය.

    මෙම ජන හමුවේදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දිස්ත්‍රික් සංවිධානයේ ලේකම් ජගත් ශ්‍රී ලියනගේ, රත්නපුර දිස්ත්‍රික් සභාපති කිත්සිරි හෙට්ටි ආරච්චි, රත්නපුර දිස්ත්‍රික් භාණ්ඩාගාරික සෙල්වදොරේ සරත් මාධු, දිස්ත්‍රික් උප ලේකම් ජයරත්න ඇතුළු පිරිසක් සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය ලබාදීමට එක්ව සිටියහ.

    sajithpalmadul2 px 900 19 1

    එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා,

    දක්ෂ හපන්කම් තිබෙන යෞවන පරපුර එකතු කරගත්, නව දර්ශනයක් තුළින් ජවසම්පන්න ගමනක් ආරම්භ කරනවා. තරුණ සම්පත කේන්ද්‍රකර සංවර්ධන විප්ලවය සිදුකරනවා. නව ශ්‍රි ලංකාවක් නිර්මාණය ජනතා බලාපොරොත්තුව. අලුත් ශ්‍රී ලංකාව න්‍යාය පත්‍රය හදන විට මුදල් ඇමතිකම, ආර්ථක ඇමතිකම, යෞවුන් ඇමතිකම, කාන්තා ඇමතිකම, වාරි මාර්ග ඇමති කම, අධ්‍යාපන ඇමතිකම අපේ ප්‍රතිවාදින් පවුලට දෙන්නේ. එලෙස පවුලකට වහල් වුණ යුගය අවසන් කරමු. එක පවුලකට යටත් වු යුගය අවසන් කරමු. රටේම සින්නක්කර ඔප්පුව එක පවුලට දුන් යුගය අවසන් කර, මේ රටේ සම්පත අපේ පොදු ජනතාව සතුකරමු.

    මේ රටේ තරුණ පරපුරේ පැතුම පවුලකට වහල්වීමද? පවුලකට යටත් විමද? පවුල් පරපුරේ සුහච කිකරු එහෙයියන් විමද? එසෙත් නැත්තං ඊට වඩා පුළුල් දැක්මක්, පුළුල් අදහසක් ඇති නව උත්පාදන සංවර්ධන ක්‍රියාවලියකින් රට ජයගැනීමද? ඒ සංවර්ධන ක්‍රමය තුළින් රට ජයගන්න ක්‍රමය අප සතුයි..

    මේ රටේ යුග පෙරළියක් ඇති කරන්න, ජනතාව දිනවන සංවර්ධනය සිදුකිරීම මගේ එකම අරමුණ, බලාපොරොත්තුව. මා ජනාධිපති බවට පත්වු පසු රට තුළ පරමාදර්ශි යුගයක් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ යුගය නිර්මාණය කිරීමේදි දැත් පිරිසිදු පුද්ගලයින් හා කණ්ඩායම් මේ රටේ ආණ්ඩුව කරන්න එකතු කරගන්නේ. දුෂණය හොරකම් කර අය විශ්‍රාම යවා දක්ෂ තරුණ කණ්ඩායමක් නිර්මාණය කර ඔවුන්ගේ ශක්තිය තුළින් මේ රට ශක්තිමත් රටක් බවට පත්කරනවා.

    මේ රටේ මැණික් කර්මාන්තයට පසු ගිය පාලනයන් වල විවිධ ප්‍රශ්න බාධා ඇති කර තිබෙනවා. ඒ කර්මාන්තය පරිසර හිතකාමිව, ස්වභාව සෞන්දර්යය විනාශ නොකර ක්‍රමවත්ව එය සිදුකරන්න යොමුවිය යුතුයි. පසුගිය කාලේ අත්තනෝමතික ලෙස නීති රෙගුලාසි පනවා මැණික් කර්මාන්තය සහ මුලින්ම කඩා වැටෙන තත්වයක් ඇති කළා. මම මේ රටේ ජනාධිපති වන විට මේ රටේ මැණික් කර්මාන්තය ශක්තිමත් කර, විධිමත්, පරිසර හිතකාමි මැණික් කර්මාන්තය බවට එය පත් කරනවා. නිත්‍යානුකූල ක්‍රම වේදයක් තුළින් විධිමත්ව මේ රටේ මැණික් කර්මාන්තය ගොඩනැංවිමේ පුර්ණ වගකීම මම භාරගන්නවා.

    රටේ විනයක් පැවතිය යුතුයි. අපි ශිෂ්ට සම්පන්ත විය යුතුයි. අපි පිරිසිදු විය යුතුයි. ජෝන් සෙ‍ෙනවිරත්න මැතිතුමා ජ්‍යෙෂ්ඨ දේශපාලඥයෙක්. ඔහුට පොහොට්ටුවේ රුස්වීමට ගිහින් "හු" හඬට ලක්වුණා. ඒ කරන දේශපාලනය වැරදියි.. ඒ සියල්ල සිදුකරන්නේ සැලසුම් කරලා. මාම "හු" කියන කොට ලේලි "හු" කියන්න එපා කියනවා. මේක තමයි පොහොට්ටුවේ දේශපාලනය. අශිලාචාර දේශපාලනය හංසයා සතුව නෑ. අපි ශිලාචාර ශිෂ්ට සම්පන්නව දේශපාලනය කරන්නේ. අපි වැඩිහිටියන්ට සලකනවා. ජොන් සෙනවිරත්න මැතිතුමා ට මම කියන්න කැමතියි ඔය යල් පැනගිය ගමන යන්න එපා කියලා. අපිත් එක්ක එකතු වෙන්න කියලා.

    sajithpalmadul1 px 900 19 1

     

    Latest News