සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු බලවේග තමා සමඟ; අමාත්‍ය සජිත් (වීඩියෝ)

ඔක් 14, 2019
  • සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන සියලු බලවේග තමා සමඟ අත්වැල් බැඳගෙන සිටින බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

    බලංගොඩ නගරයේ අද පැවති ජන රැලියකදී ඔහු මේ බව පැවසීය. එහිදී අදහස් දැක්වූ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා....


    තමා ජනාධිපතිවූ විගස පාසල් දරුවන්ට නිල ඇදුම් කට්ටල දෙකක් හා දිවා ආහාරය යළි ලබා දෙන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා බලන්ගොඩ නගරයේ අද (14) පැවැති ජනහමුවේදි ප්‍රකාශ කළේය.

    බලංගොඩ සංවර්ධනයේ සුරපුරක් කරන්න මට දිය හැකි උපරීම ශක්තිය යොදවන බව මුලින්ම මතක් කරන්න කැමතියි. රත්නපුර දිස්ත්‍රික්කයේ වගේම බලංගොඩ ජිවත් වන ජනතාවත් මුහුණ දෙන ගැටළු රාශීයක් තිබෙනවා.

    තේ කර්මාන්තය ප්‍රමුඛ වැවිලි භෝග වගාව ශක්තිමත් කිරීමට සෘජු වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. වැවිලි භෝග වගේම තේ සහ රබර් ගොවියා රකින්නත් අපි ඇප කැප වෙනවා පමණක් නොව ගම්මිරිස්වලට සහතික මිලක් දීලා ජනාධිපතිවරණයෙන් පසු ගම්මිරිස් ප්‍රතිඅපනයනයත් වහාම නවතනවා.

    ඒ වගේම එළවළු, පළතුරු වගාවේ නිරතවන ගොවි ජනතාව වගේම සියළු ගොවි මහත්වරුන් රකින්න අපි ඇප කැප වෙනවා. රත්නපුරය කිව්වාම අපට මතක් වෙන්නේ මැණික් කර්මාන්තයයි. මෑත කාලයේ පනවපු දැඩි නීති හේතුවෙන් මැණික් ක්ෂේත්‍රයේ සිටින ජනතාව දැඩි අපහසුතාවයට පත්වුනා.

    Prema 01 px 900 14 10 19

    මෙවර ජනාධිපතිවරණය ජයගන්න ඔබේ හයිය ලැබුණාම 17 දා සිට මේ රටේ තීන්දු තීරණ ගන්නේ කාටවත් ඕන ලෙස නොව රටේ ජනතාවගේ මතය අනුව බව පැහැදිලිව කියන්න ඕනේ.

    මැණික් කර්මාන්තය තුළින් මේ බල ප්‍රදේශයේ ජීවත් වූ ජනතාවට මම පොරොන්දු වෙනවා ඡන්ද කාලෙට දෙන සීනි බෝල ගිලින්න එපා කියලා. මොකද ප්‍රේමදාස කෙනෙක් වචනයක් දුන්නොත් එය පනතටත් වඩා ආරක්ෂා කරන හින්දායි.

    තේ, රබර්, මැණික් කර්මාන්තයේ නිරත ඔබට අපි පොරොන්දුවක් දෙනවා මේ රටේ ජනතාව මට බලය දුන් විට රත්නපුර සංවර්ධනයට යොමු කරලා සංවර්ධනයෙන් බබලවන්න පුද්ගලිකවම කැපවී සොයා බලනවා කියලා.

    පසුගිය දශකය පුරාවටම මේ රටේ ප්‍රතිපත්තිමය තීණ්දු ගන්න කොට අපි දැක්ක දෙයක් තමයි ඉහළින් තින්දු අරන් ඒවා පහලට යොමු කරපු එක. එය කොපමණ ලෙස පහලට ගැලපුණත් නැතත් ඉහළින් තීන්දුව ගත් නිසා පහළ අයට එය භාර ගන්න සිදුවුනා. ඉහළ තීන්දු ගනිද්දි පොළොවේ පයගහලා ඉන්න පහළ අය ගැන බැලුවේ නැහැ.

    Prema 02 px 900 14 10 19

    එම නිසා ලබන නොවැම්බර් 17 දා පොඩි මිනිහාගේ කර පිටින් මේ රටේ ජනාධිපතිධූරය ලබාගන්න කොට පොළොවේ පෑගෙන දුවිල්ලක් ගානට දාලා සිටින මේ පුංචිම මිනිහගේ ප්‍රශ්නය කරට අරගෙන මේ රටේ ජනතාවගෙන් පෝෂණය වූ ජනතාවාදී තීන්දු තීරණ ගන්න මම කටයුතු කරනවා.

    මගේ පියාණන් රත්නපුර දිස්ත්‍රික්කයේ කොළොන්න මැතිවරණ කොට්ඨාශයේ වැඩ කටයුත්තකට යනකොට ඉරිච්ච ඇදුම් ඇදගත් දරුවන් දැකලා තමන් ජනාධිපති වූ පසු නිල ඇදුමක් හා දිවා ආහාරයක් පාසල් දරුවන්ට දෙන්න කටයුතු කරනවා කියලා තීන්දු කරලා තියෙනවා.

    රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා පාසල් දරුවන්ට ලබා දුන් දිවා ආහාරය අද ක්‍රියාත්මක වෙන්නේ නැහැ. හිටපු ආණ්ඩුවේ ජනාධිපතිවරයා එය කපා දැම්මා. එළැබෙන ජනාධිපතිවරණයේදී ජනාධිපතිධූරය සජිත්ට ලබා දෙන කොට පාසල් දූ දරුවන්ට එක නිල ඇඳුම් කට්ටලය වෙනුවට නිලඇදුම් කට්ටල දෙකක් හා දිවා ආහාරය ලබා දෙන්න කටයුතු කරනවා.

    දූ දරුවන්ට ආහාර පාන නැතුව පාසල් තුළ කළන්තේ දාන තත්ත්වය මම ජනාධිපති වූ පසු ඇති වෙන්නේ නැහැ. මොකද හැම දරුවෙකුටම දිවා ආහාරය ලබා දෙන නිසා.

    මම ජනතාව අතරට ඇවිල්ලා මගේ පණිවුඩය දුන්නාම එය රටට ගෙනියන කණ්ඩායම එයින් ලබා දෙන්නේ පුංචි කොටසකට ඉඩක් පමණයි. මොකද මගේ කතාව ඔක්කොම දැම්මොත් ඔවුන්ගේ අපේක්ෂකයා පරදියි කියලා බයයි.

    අපි ජන රැළි පටන් ගත්තේ ‌ෛඑතිහාසික ගාලුමුවදොර ජනරැළියෙන්. ඊට පෙර එතරම් ජනගගත් ගාලුමුවදොරට පැමිණ තිබුණේ නැහැ. වැල්ලවායෙන් පටන්ගත් ජනරැළි මාලාව ජන රැළි 151 ක් දක්වා කරගෙන යන්න අපි කටයුතු කරනවා.

    මේ මැතිවරණයේදී ජනතාව අතරට වැඩියෙන්ම එන ඔරිජිනල්ම අපේක්ෂකයා සජිත් ප්‍රේමදාසයි. මට ජනරැළි 151 මහදෙයක් නොවයි. මොකද අවුරුදු හතරහමාරක්ම මම හිටියේ මේ රටේ ජනතාව එක්ක ඔවුන්ගේ ගම්බිම්වලයි. එම නිසා කිසිදු සැකයක් තබා නොගෙන ප්‍රේමදාස පුතාට හයිය දෙන්න. එතකොට කශේරුකාව කොදු නාරටිය කෙලින් තබාගෙන මම මේ රට ශක්තිමත් කරවනවා. මේ රට දිනවනවා.

    Ssjith04 px 900 14 10 19

    රටට අවශ්‍ය සොදුරු නායකත්වයක් මිස ගෝනි බිල්ලෝ නොවෙයි. භිෂණයේ කප්පිත්තෝ රටට අවශ්‍ය නැහැ. මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීමයි. කව්රු මොනවා කීවත් සඟ වෙද ගුරු ගොවි කම්කරු පංච මහා බලවේගය ඉන්නේ අද අපත් සමගයි. මාත් සමග සියළු පක්ෂ එකතු වෙන්නේ ප්‍රතිපත්ති සමගයි. මුදල් එක්ක නොවෙයි. මොකද මම මුදල් ගසා කාලා නැහැ. මගේ දෑත් පිරිසිදුයි“ යැයි සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

    ඉඹුල්පේ ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත්‍රී සුරංග මැණික් මහතා සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කරමින් ජනහමුවට එක්විය.

    ජාතික කෘෂිකර්ම සැළැස්මක් ඇති කරමින්, වී ගොවියාට මෙන්ම, අතුරු භෝග වගාකරුවන්ට ද සහන සළසන බව සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේය. ඒ බණ්ඩාරවෙල එක්සත් වෙළෙඳ සංගමය සමඟ අද පැවති සුහද හමුවකදී. ව්‍යාපාරික ප්‍රජාව නියෝජනය කරමින් විශාල පිරිසක් මේ අවස්ථාවට එක්වූහ. බණ්ඩාරවෙල නගර සංවර්ධනය ඇතුළු විෂයන් රැසක් කෙරෙහි මෙහිදී අවධානය යොමු කෙරිණ.

    Last modified on සදුදා, 14 ඔක්තෝබර් 2019 20:27

    Latest News