පොහොට්ටුවේ හූවට ජෝන් සෙනවිරත්නගේ ප්‍රතිචාරය ( විඩියෝ)

ඔක් 14, 2019

    ඇහැළියගොඩදී පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ ප්‍රචාරණ රැළිය ඇමතීමට පැමිණි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් සෙනවිරත්න මහතාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයින්ගෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබේ.

    රැළිය ඇමතීම සඳහා ජෝන් සෙනවිරත්න මහතා වේදිකාවට ගොඩ වූ සැණින් "හූ" කීම ඇරඹුණු අතර ඔහුට කතාව ආරම්භ නොකර හූව නවතින තුරු බලා සිටින්නට ත් එය නතර වන පාටක් නොපෙනුණු හෙයින් හූ කීම මැදම ඔහු සිය කතාව ආරම්භ කළේය.

    මේ අතර පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සහ වාසුදේව නානායක්කාර මහතා මැදිහත් වෙමින් පාක්ෂිකයින් සන්සුන් කිරීමට උත්සාහයක් දැරුව ද එය සාර්ථක නොවු බව වාර්තාවේ. කිසිවක් කියා ගැනීමට නොහැකි වු ජෝන් සෙනවිරත්න මහතා අසරණව කියා සිටියේ තමුන්නාන්සේලා මේ අන්දමින් සැලිකීම වැරදි බවයි. ශ්‍රි ලංකා නිදහස් පක්ෂය අතහැර ආ පිරිසේ පළමු වැනියා ඔහු බවත් කියා සිටියේය.

    අනුරාධපුරයේ පැවති පොහොට්ටුවේ මංගල ජනරැළිය ඇමතූ ශ්‍රීලනිප ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතාට ද පොහොට්ටු සාමාජිකයින්ගෙන් දැඩි විරෝධයක් එල්ල කෙරිණ. එය මීට පෙර මාධ්‍ය මගින් අනාවරණය කෙරිණ. පොහෝට්ටු පාක්ෂිකයින් දිගින් දිගට ශ්‍රීලනීප දේශපාලකයින් වෙත කෙරෙණ විරෝධයන් වාර්නයවිමක් පෙන්නුම් කෙරේ.

    ඒ අනුව ශ්‍රීලනිපය පොහොට්ටුව හා සන්ධානගත වුවත් ඉදිරි මහමැතිවරණයකදී එම ලැයිස්තුවෙන් තරගවදින්නේ නම් ඔවුන්ට මනාප නොදී පරාජය කරවීමට පොහොට්ටු සාමාජිකයින් අනිවාර්යයෙන්ම කටයුතු කිරිමේ පෙර නිමිති මේ වන විට පහළවි තිබේ.

    Latest News