මාතර සිසුවා ඝාතනය - තෙවැනි සැකකරු අල්ලයි

නොවැ 27, 2018

    මාතර පාසල් සිසුවෙකුට පිහියෙන් ඇන ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව තවත් සැකකරුවෙකු අද (27) උදෑසන 6.20ට මාතර නගරයේ දී අත්අඩංගුවට ගැනිණ.

    ඒ, මාතර කොට්ඨාස බුද්ධි අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්. 17 හැවිරිදි සුනුරු විමුක්ති ජයවීර නමැති ඔහු මාතර, වල්ගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

    මෙම සැකකරු, ඝාතනය සඳහා පැමිණි යතුරු පැදිය පැදවූ අය බවට පොලීසිය කළ විමර්ශනයේ දී අනාවරණය වී තිබේ. සැකකරු අද දින මාතර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Latest News