icc

අනුර චේ වගේම කොමියුනිස්ට්වාදී ගුණාංග සහිතව රටට නායකත්වය දෙනව: හඳුන්නෙත්ති

ඔක් 08, 2019

    පවුල ආරක්ෂා කිරීම වෙනුවට රට ආරක්ෂා කරන ජනපතිවරයෙක් ඉදිරි ජනාධිපතිවරණයේදී ජනතාව තෝරා ගත යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

    හොරණ මොරගහහේන ප්‍රදේශයේ අද (08) පෙරවරුවේ පැවති 52 වන චේ ගුවේරා සැමරුම් උත්සවයට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

    ලංකාවේ ජනාධිපතිවරණයක් පැමිණ ඇති බවත් ඒ සඳහා ඉදිරිපත් වන්නේ කවුරුන්දැයි ඔහු ප්‍රශ්න කර සිටියේය.

    අයියාගෙන් මල්ලිත්, මල්ලිගේ නාම යෝජනාව අක්‍රිය වන්නේ නම් වෙනත් අයියා කෙනෙක් ඉදිරිපත් වෙන බවත්, පවුලේ අය පමණක් ජනාධිපති අපේක්ෂකත්වයට තරග කරන දේශපාලනය ගැන කරුණු හෙලි කළේය. ජනාධිපතිවරණය හමුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අසරණ වී ඇතැයි සිටි මන්ත්‍රීවරයා, ඒය සඳහා රාජපක්ෂ සමාගම ඉදිරිපත් වීම නිසා බැවින් යැයි ද සඳහන් කළේය.

    රටකට නායකයෙක් අවශ්‍ය බවත් පවුලකට නායකයෙක් අනවශ්‍ය බවත් කියා සිටි මන්ත්‍රීවරයා, ඒ වෙනුවෙන් අනුර කුමාර මහතා තෝරා පත් කරන ලෙසත් පැවසීය. ඔහු චේ වගේම කොමියුනිස්ට්වාදී ගුණාංග සහිතව අපේ රටට නායකත්වය දෙන බවත් හඳුන්නෙත්ති මහතා කියා සිටියේය.

    Latest News