කොළඹ වාහන තදබදය විසඳීමට යහපාලනයෙන් ඉදිවන නව කැලණි පාලම (වීඩියෝ)

ඔක් 08, 2019

    මෙරට ක්‍රියාත්මක මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතිවලින් එකක් වන්නේ, නව කැලණි පාලම ව්‍යාපෘතිය.

    එය ක්‍රියාත්මක කර ඇත්තේ, කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පවතින අධික වාහන තදබදය අවම කිරීමේ අරමුණින්. පෑලියගොඩ කැළණි ගඟ හරහා ඉදි කෙරෙන නව කැළණි පාලම මීටර 380ක් දිගින් යුක්ත වන අතර, එහි පළල මීටර 27.5ක්. මංතීරු 6ක් මීට එක් කෙරේ. මහා මාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා අද ව්‍යාපෘතිය නිරීක්‍ෂණය කිරීමට එක්විය. මීට ආයෝජනය කර ඇති මුදල රුපියල් කෝටි 5,500ක්. නව කැළණි පාලම ව්‍යාපෘතිය, කොළඹ-කටුනායක අධිවේගී මාර්ගය හා සම්බන්ධ කිරීමට නියමිතයි.

    ඒ පිළිබඳව අදහස් දැක්වූ අමාත්‍ය කබීර් හෂීම් මහතා....

    “මේ ඉලක්කය අපි විශ්වාස කරනවා නව කැළණි පාලම 2020 වෙනකොට සම්පූර්ණ වුණාම මේ තදබදය 50%කින් අඩුවීම සහ කුළුණු මතින් ඉදිකරන ඒ අධිවේගී මාර්ග ටික හැදුනම කොළඹ නගරයේ තදබදය 70%කින්, 80%කින් අඩු කරන්න පුලුවන් කියලා අපි විශ්වාස කරනවා. හම්බන්තොටින් ගමන් ආරම්භ කරන කෙනෙකුට එතනින් කෙළින්ම මාතර, ගාල්ලට ඇවිල්ලා, ඒ වගේම කොට්ටාවට ඇවිල්ලා, කොට්ටාවෙන් කොළඹ නගරය තුළට සම්බන්ධ නොවී පිටත වටරවුම් පාරේ කොටස අපි හෙට, අනිද්දා විවෘත කරන්න සූදානම්. කෙලින්ම මධ්‍යම අධිවේගී මාර්ගයට හෝ කොළඹ-කටුනායක අධිවේගී මාර්ගයට සම්බන්ධ වෙන්න පුළුවන්“ යැයි අමාත්‍ය කබීර් හෂීම් මහතා පැවසීය.

    Last modified on අඟහරුවාදා, 08 ඔක්තෝබර් 2019 20:30

    Latest News