ජාතික ආරක්ෂාව ගැන බොරු පැතිරවු කොටුව පොලිසියේ ස්ථානාධිපතිවරු 02 කගේ වැඩ තහනම්

ඔක් 08, 2019

    ජාතික ආරක්‍ෂාවට අදාළ අසත්‍ය සහ තහවුරු නොකළ කරුණු ඇතුළත් ලිපියක් කොළඹ ප්‍රදේශයේ හොටල් කිහිපයටක යොමු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොටුව පොලිස් ස්ථානයේ අපරාධ සහ පාලන අංශයේ ස්ථානාධිපතිවරුන්ගේ වැඩ තහනම් කර තිබේ.

    මෙම ස්ථානාධිපතිවරුන් විසින් මේ මස 02 වැනිදා මෙම අසත්‍ය සහ තහවුරු නොකළ තොරතුරු ඇතුළත් ලිපි මේ මස 02 වැනිදා යොමු කර ඇතැයි පොලිස් මූලස්ථානය නිවේදනය කර සිටී. මේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයෙන් අසත්‍ය කරුණු ඇතුළත් ලිපියක් යැවීමට කටයුතු කර ඇති බව, මූලිකව කරුණු අනාවරණය වී ඇතැයි පොලිස් මූලස්ථානය කියා සිටී.

    Last modified on අඟහරුවාදා, 08 ඔක්තෝබර් 2019 20:04

    Latest News