දේශපාලන සංස්කෘතිය වෙනස් කළ යුතුයි; මහේෂ් සේනානායක (වීඩියෝ)

ඔක් 08, 2019

    ජාතික ජනතා ව්‍යාපාරයේ ජනාධිපති ධූර අපේක්‍ෂක මහේෂ් සේනානායක මහතා තමා ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට හේතුවූ කරුනු අද මාධ්‍ය හමුවේදී පැහැදිළි කළේය.

    ඔහු අපේක්‍ෂකත්වය ලැබීමෙන් පසු පැවැත්වූ ප්‍රථම මාධ්‍ය හමුව මෙයයි. එහිදී අදහස් දැක්වූ ජනාධිපතිධූර අපේක්‍ෂක මහේෂ් සේනානායක මහතා...

    නිදහස ලැබීමෙන් අනතුරුව මේ රටේ සිදුවී තිබෙන දේශපාලන සංස්කෘතිය නිසා මේ රට ඉදිරියට නෙමෙයි ගොස් තිබෙන්නේ නැවත, නැවතත් පසුපසට. රටේ පුරවැසියෙක් හැටියට යුතුකමක් තියෙනවා කළ යුතු කාර්ය ඉටු කරන්න. මා යුද හමුදාපති හැටියට විශ්‍රාම ගත්තේ බොහොම සන්තෝසෙන්. නමුත් පසුව මා දැක්කා මේ රටේ ඇතිවී තිබෙන මේ ව්‍යසනයන් පිළිබඳව. මම තීරණය කළා මේ රටේ දේශපාලන සංස්කෘතිය හුදෙක්ම වෙනස් කළ යුතුයි කියලා. හැම කෙනෙක්ම කතා කරන්නේ මෙය වෙනස් විය යුතුයි කියලා. ඒ වෙනස්වීම සිදු කළ කණ්ඩායම ඉදිරිපත් වෙලා ඉන්නවා විකල්පයක් හැටියට. මේ සිදුවන්නේ රටේ ජනතාවගේ අනාගතය සුරක්‍ෂිත වීම බව පැහැදිලි“ යැයි මහේෂ් සේනානායක මහතා පැවසීය.

    Last modified on අඟහරුවාදා, 08 ඔක්තෝබර් 2019 19:53

    Latest News