“සේනා“ යළිත් හිස ඔසවන ලකුණු

ඔක් 08, 2019

    බඩඉරිඟු වගාවට දැවැන්ත හානියක් කළ සේනා දළඹුවා නැවතත් සක්‍රීය වී, වගාවට යළි හානි සිදු කළ හැකි බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

    මෙවර මහ කන්නයේ බඩ ඉරිඟු වගාව සිදුකරන ගොවීන් පැල සිටුවීමේ සිට වගාව පිළිබඳ දැඩි අවධානයකින් කටයුතු කළ යුතු බව, එම දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.මහ කන්නයේ වැඩි වශයෙන් බඩ ඉරිඟු වගාව සිදු කෙරෙන්නේ, අනුරාධපුරය, අම්පාර සහ මොණරාගල දිස්ත්‍රික්කවලයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගෙයින් ගෙට ගොස් ගොවීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ. මේ වනවිට ඇතැම් ගොවි බිම්වලින් සේනා දළඹුවාගේ මුල් අවස්ථාව දක්නට ලැබෙන බව වාර්තාවේ. කෘෂි රසායනික ද්‍රව්‍ය භාවිත නොකර දළඹුවා මර්දනය කිරීමේ ක්‍රම කෘෂි නිලධාරීන් විසින් ගොවීන්ට හඳුන්වාදීම සිදු කෙරෙන බව, අප වාර්තාකරු පවසයි. ඊට අදාළ පුහුණු වැඩසටහනක් ද ක්‍රියාවට නංවා තිබේ.

    Latest News