හදිසි නීතියට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සම ඉල්ලා අස්කර ගනී

ඔක් 08, 2019

    පාස්කු ඉරු දින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර මාලාවෙන් අනතුරුව හදිසි නීතිය පැනවීමට ජනාධිපතිවරයා ගත් තීරණය නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද(08) ශ්‍රේෂ්ඨාධිකරණය වෙතින් ඉල්ලා අස්කර ගැනිණි.

    විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් අදාළ පෙත්සම ඉදිරිපත් කර තිබිණි.

    එම පෙත්සම අද බුවනෙක අලුවිහාරේ,එල්. ටී.බී. දෙහිදෙණිය සහ ප්‍රීති පද්මන් සූරසේන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවා තිබේ.

    එහිදී පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ හදිසි නීතිය මේ වන විට ඉවත් කරගෙන ඇති බැවින් මෙම පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවයක් නොමැති බවයි. ඒ අනුව පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙස ද නීතිඥ වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා. ඒ අනුව පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දුන් ශ්‍රේෂ්ඨාධිකරණය ඉවත දැමීමට තීන්දු කළේය.

    Latest News